ගෞරවාන්විත විදෙස් රැකියා සදහා ශ්‍රී ලාංකික කාන්තාවන් යැවිම අපේ ඉලක්කයයි

මෙරටට වැඩිම විදේශ විනමයක් අද ගෙන එන්නේ මැදපෙරදිග රැකියා වල නියුතු අයයි ඉන් බහුතරයක් එම රටවලට යන්නේ ගෘහ සේවිකාවන් ලෙසයි. අපේ රටේ කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස විදෙශ් රට වල රැකියා සදහා යැවීම ගැන මම පුද්ගලිකව විරුද්ධයි. එම නිසා ඉහල වැටුපකට ගෞවාන්විත රැකියා සදහා අපේ රටේ කාන්තාවන් යැවීම සදහා ජාතික වැඩ පිළිවෙලක් සැකසිම අපේ රජයේ අරමුණ බව කම්මරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද හාලිඇල විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ ජාපානය, කොරියාව, සහ ඊශ්‍රායලය වැනි රටවල් සදහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩසටහනක් නිරික්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය. මෙම අවස්ථාවට IM JAPAN වැඩ සටහනේ ශ්‍රී ලංකා නියෝජිත HIROTAKA KAWAHARA මහාතාද එක්විය.

එහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ අද සමහරු සැප විදින්නේ ගෘහසේවිකාවන් ලේස සේවය කොට අප රටට එවන මුදලින් බවය. එම නිසා මෙම විදෙස් රැකියා සදහා යන කාන්තාවන් ගෞවාන්විත රැකියා සදහා යැවීමේදි අනෙක් රට වල විදේශ් රැකියා සදහා යවන කාන්තාවන්ට ලබාදෙන පුහුණුවට වඩා හොද භාෂා හා ප්‍රෙයෝගික පුහුණුවක් අපි ලබාදිය යුතු බව ආමාත්‍ය වරයා අවධාරනය කලේය

පසුගිය කාලයේ විදේශ රැකියා සදහා තරුණියන් යැවීමේදි බදුල්ලට බලවත් අසාධාරණයක් වු බවත් එව නිවැරදි කිරිම මගේ වගකිමත් බවත් නමුත්, මට කල හැක්කේ තරුණ තරුණියන් සම්මුඛ පරික්ෂණ සදහා යොමුකිරිම පමණක් බව ඔහු පෙන්වා දුන්නේ ය. භාෂා, ශාරීරික හා ප්‍රෙයෝගික පරික්ෂණ වලින් සමත් වීම ඉදිරිපත් වෙන අයගේ වගකිමකි. එසේ නොමැතිව මුලික සුදුසුකම් සපුරානැති හෝ පරික්ෂණ වලින් අසමත්වෙන අය තොරාගන්නා ලේස ඉල්ලිමට තමන්ට අයිතියක් නැති බවද සුදුසු පුද්ගලයන් තොරාගන්නේ ඒ ඒ රටවල හාම්පුතුන් බවද ඇමතිවරයා අවධාරනය කළෙය .

මෙහිදි අදහස් දැක්වු කවහාරා මහතා කියා සිටියේ මෙතෙක් ජපානයට ගිය ලාංකික ශ්‍රමිකයන් ඉතාමත් හොදින් එම කාර්ය කරමින් රටේ ගෟරවය ආරක්ෂා කරන බවත් ඔබ හැම දෙනාගෙන්ද එම යහපත් සේවයක් ජපන් ජනතාව අපේක්ෂ කරන බවය .

එම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියොජ්‍ය සාමන්‍යාධිකාරි   මංගල රන්දෙනිය මහතාද එක්විය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435