ජනපතිගෙන් සියලු වෘත්තීය සමිති වෙත වැදගත් ඉල්ලීමක්

සෑම වෘත්තීය සමිතියකටම ඇති ගැටලූ, ඊට අදාල අදහස් හා යෝජනා ලිඛිතව කඩිනමින් තමා වෙත යොමු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.

එතුමා මෙම අදහස් පළ කළේ ශී‍්‍ර ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ සාමාජිකයන් සමග ඊයේ (05) දහවල් පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

වෘත්තිය සමිති ඉදිරිපත්කරන ගැටළු, අදහස් යෝජනා ආදිය අදාල අමාත්‍යංශ වෙත යොමුකර ඉදිරි පියවර සොයා බලන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

දුම්රිය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ කම්කරු ඇතුළු රාජ්‍ය අංශයේ සියලූ ක්ෂේත‍්‍රවල පවතින ගැටලූ සදහා විසදුම් ලබා දීමට හැකි උපරිම මැදිහත් වීම තමා සිදු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435