ජනවාරි 01සිට සංශෝදනයවූ ගුවන්ගමන් බලපත්‍ර ගාස්තු නිසා විදෙස්ගත ශ්‍රමිකයෝ කනස්සල්ලෙන්

පසුගිය ජනවාරි පළමු වනදා සිට ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීම පිලිබදව සෞදියේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයින් තම කනස්සල්ල මෙන්ම විරෝධය  පිලිබදව රියාද් සහ නැගෙනහිර කලාපයේ තානාපති අංශ වලින් වාර්තා විය

ශ්‍රී ලංකාවේදී ඕනෑම රටකට වලංගු ගමන් බලපත්‍රයක් එක දිනක් තුලදී රුපියල් දස දහසක මුදලකට ලබා ගැනීමට හැකියාව තිබියදී මැද පෙරදිග වැනි කම්කරු ශ්‍රේණිවල  ඉතා සොශ්චම් වැටුපකට රැකියාව කරමිනන් දුක්ඛිත දිවියක් ගෙවන ශ්‍රමිකයින් හට අති විශාල මුදලක් වන සෞදි රියාල් 565 (රුපියල් 27000 කට අධික මුදලක්) අය කරීම කිසිසේත්ම සාදාරනය කල නොහැකි  කරුණක් බව පසුගිය සිකුරාදා නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව සදහා ශ්‍රී ලාංකිකයෝ එක හඩින් කියා සිටියහ. මේ අවස්ථාවේදී තානාපති කාර්යාලයේ නිලධාරින්ද ඉතා අපහසු තාවයට පත්වීමද දැක ගතහැකි විය.

මිට පෙර මැදපෙරදිග සදහා වලංගු ගමන් බලපතක් ලබා ගැනීමට සෞදි රියාල් 190 ක් (රුපියල් 9000) පමණක් අය කලද එම මුදල තුන් ගුණයකින් ඉහල දැමීම මගින් තමන්ගේ මාසික ශෝච්චම් වැටුපට මාරු පහරක් එල්ල වෙන බවද මැද පෙරදිග රටවල සේවය කරන කිසිවෙකුත් යුරෝපයේ හෝ අනිකුත් කිසිදු රටකට යාමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මෙවැනි අති විශාල මුදලක් ගෙවා ගමන් බලපතක් ලබා ගැනීම සාදාරන නොවන බවත් බොහෝ ශ්‍රී ලාංකිකයින් පවසයි.

විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ලෙස රැකියාව කරන කාන්තාවන්ද මෙම අති විශාල මුදල ගෙවා ගැනීමට නොහැකිව විවිද අපහසුතාවයන්ට පත්වනු දුටු අතර ඉතා අඩු වැටුපකට රැකියාවන් කරන බොහෝ ශ්‍රී ලාංකික තරුණයන් ශ්‍රී ලංකා රජයවෙත තම විරෝදය පාමින් පිටව ගියේ කරකියා ගත නොහැකි නිසාය.

කෙසේ වුවද බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ පොදු මතය වුයේ ඉදිරි කාලය තුලදී හෝ මෙම මුදලින් අඩක් දක්වා හෝ අඩු කර තම ගමන් බලපත් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ කාරුණික අවධානය යොමු විය යුතු බව පසක් කරමිනි.

මේ අතර අති විශාල ජනතාවක් සේවය කරන ඉන්දියානු ශ්‍රමිකයින් වෙනුවෙන් ලෝකයේ ඕනෑම රටකට ගමන් කල හැකි ගමන් බලපතක් සදහා ය කරනු ලබන්නේ සෞදි රියාල් 360 ක් නොහොත් ශ්‍රී ලංකා රුපියල් 17000 ක් පමණක් වන අතර එම ගමන් බලපත්‍රය සෞදි අරාබිය තුලදී දින 5 ක් ඇතුලත ලබාදීම සිදු කරයි. ඉන්දියාව හා සාපෙශ්ෂාව ශ්‍රී ලංකා ගමන් ගමන් බලපතක් සදහා අවම වශයෙන් මාස දෙකක් ගතවීම ශ්‍රී ලංකා රජයේ දුර්වල සහ අලස බව මොනවට පැහැදිලිවේ.

ලලිත් ප්‍රේමලාල්
දමාම්- සෞදි අරාබිය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (2)

  1. Charuka says:

    ලකේ පoකාව කියන්නේ නිකන්ද?.පාස්පෝට් 3ක් හදන සල්ලි.යුරෝපා රටවල වගේ ලොකු වැටුප් ගන්න අය නෑ මැදපෙරදිග. ඉන්නවනම් ඒ සුලුතරයක් පමණයි.ඒක දෙන්නත් මාස 3ක් යනව.දවසට හදන්නේ එක පිටුවද? කාලකන්නි . අහින්සක මිනිසුන් හූරගෙන කාල ජීවත් වෙන එවුන් ලංකාවේ ඉන්නෙ.ඉන්දියාව ටත් අන්තයි.ශික්

    (0)(0)



    0



    0
  2. Rohan says:

    මම කියන්නෙත් මේක වහා වෙනස් විය යුතුයි අපි වගේ මැදපෙරදිග සේවය සඳහා යන ේ ශ්‍රමිකයන්ගෙන් මේ වගේ විශාල මුදලක් අයකිරීම සම්බන්ධයෙන් සමස්ත මැදපෙරදිග ශ්‍රමිකයන් වෙනුවෙන් අප්‍රසාදය පළ කරනවා...

    (1)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435