ජනාධිපතිවරණ සමයේ පත්විම් ලැබූ ව්‍යාපෘතී සහකාරවරු නැවත ආපසු යවයි

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ලබාදුන් සංවර්ධන ව්‍යාපෘති සහකාර පත්වීම් ලද අය ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පැමිණ වැඩ බාරගැනීමට සුදානම් වූ අවස්ථාවේ සේවයට වාර්තා කිරීමට අවස්ථාව නොදිමෙන් හිස් අතින් ආපසු යාමට සිදුවී ඇත.

මේ පිලිබඳව විමසීමේදී ගාල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් වරයා විසින් පවසා ඇත්තේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත මේ පිළීබඳව දන්වා යවා ඉන් පසුව එම පත්විම් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

මෙම පත්වීම ලබාදී ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව අතර, මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දීමෙන් පසුව එම පත්වීම් අත්හිටුවනු ලැබීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435