ජනාධිපතිවරයා වැරදී පූර්වාදර්ශක් සපයා ඇත

අංක 2140/2 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කිරිමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය  ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පළිකුලෙන් යුතුව හෙළා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මෙම තත්ත්වය ජනමාධ්‍ය නිදහසට කෙරෙන අනතුරු ඇඟවීමකි. මෙමගින් ජනාධිපතිවරයා වැරැදි පූර්වාදර්ශයක් සපයා ඇති බව අප සංගමයේ අදහසය.

ජනමාධ්‍ය විෂය සහ ආරක්ෂක අමාත්‍යාංශ විෂය එකිනෙකට නොපෑහෙන විෂයන් දෙකක් වන අතර ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කිරීම රූපවාහිනි ආයතනයේ ජනමාධ්‍යවේදීන්ට තම මාධ්‍යකරණය ස්වාධීනව සිදුකිරීමට  නොහැකිවන ලෙස සිදු කරන බලපෑමකි. එක් අතකින් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියට මෙම තත්වය බලපෑමක්සේ  සැලකියහැකිවාක් මෙන්ම  ජනමාධ්‍යවේදීන් බියවැද්දීම සදහා ගනු ලබන පියවරක ආරම්භයද විය හැක.

ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ රැසක් අභිමුව තිබියදී ගන්නා ලද මෙම තීරණය යම් ආකාරයක සැකයකට භාජනය වන අතර මේ තත්ත්වය වහා නිවැරැදි විය යුතු බවටද අවධාරණය කරමු.

ඇතිව ඇති තත්ත්වය නිවැරැදි කිරීම සඳහා ජනමාධ්‍ය විෂයට අදාලව කැබිනට් අමාත්‍යවරයකු පත්කිරීම ඉතාවැදගත් බව අප සංගමයේ අදහසය.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ඇතිව තිබෙන ගැටුම හරහා ජනමාධ්‍ය නිදහසට බාධා එල්ල වන්නේ නම් ඊට එරෙහි වන්නට අප පසුබට නොවන බවද අවධාරණය කරමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435