ජනාධිපති අපේක්ෂකයින්ට ජාතියේ ආර්ථිකය බල ගන්වන විගමණිකයින්ගේ ඉල්ලීම ප්‍රකාශය

2019 ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙත විගමණික ශ්‍රමිකයන් විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් ප්‍රකාශනය

විගමණික ශ‍්‍රමිකයින් : ජාතියේ ආර්ථිකයට මුලික දායත්වය දක්වන පිරිසට සිය මූලික අයිතිවාසිකම් අහිමි කොට ඇත.

ජාතික මැතිවරණයකදී ඡුන්දය  ප‍්‍රකාශ කිරීම සඳහා ආසන්න වශයෙන් ඡන්ද දායකයන් මිලියන 15.7 – 16 ක් හිමිකම් ලබයි. මෙම වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදීද ඒ හා සමාන ඡන්දදායකයන් පිරිසක් සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, අපගේ ජාතික ආර්ථිකයට දළ ජාතික නිෂ්පාදනයෙන් 10%ක් වැනි ප‍්‍රමුඛ කොටසක් දායාද  කරනු ලබන මිලියන 1.6 -1.9 කට ආසන්න විගමණික ශ‍්‍රමිකයන්ගේ ඡුන්ද අයිතිය පිළිගැනීමට මෙතෙක් පැවති රජයන් අපොහොසත් වී ඇත.

සෑම වසරකම විගමණික ශ‍්‍රමිකයින් 200,000 ක් පමණ ශ‍්‍රී ලංකාව විසින් ගල්ෆ් කලාපයේ රටවල් වෙත යවන අතර, පසුගිය දශකය තුළ සංචාරක ව්‍යාපාරය, ඇඟලූම් හා සම්ප‍්‍රදායික ආර්ථික බෝග  වලින් ලැබෙන ආදායමට වඩා වැඩි පේ‍්‍රෂණ ප‍්‍රමාණයක් විගමණික ශ‍්‍රමිකයන් විසින් ශ‍්‍රී ලංකාවට එවා ඇත. මෑත කාලසීමාව තුළ විගමණික ශ‍්‍රම වෙළෙඳපොළ විසින් උපයා ඇති මුදල ඇ.ඩොලර් බිලියන 7-8 අතර වෙයි.

විගමණික ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා සුභසාධනය ඔවුන් හට අහිමි කොට ඇති අතර ප‍්‍රචණ්ඩත්වය හා හිංසනය, පුද්ගල ජාවාරම් හා බලහත්කාරයෙන් ශ‍්‍රමය ලබා ගැනීම, ණය බැඳීම්, වෙනස් කොට සැලකිම හා අතිථිභීතිකාව, කම්කරු නීති වලින් බැහැර කොට තැබීම සහ රටේ සංවර්ධන ව්‍යුහය තුල ඔවුන්ගේ කුසලතා හා මූල්‍ය දායකත්වය පිලිනොගැනීම ආදී ගැටළුවලට ඔවුන් විෂයය වන බව අපි අවධාරණය කර සිටිමු.

එබැවින්, සියළු විගමණික ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ දායකත්වය පිළිගන්නා ලෙසත් සිය මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ සහ ප‍්‍රතිපත්ති තුළ පහත දැක්වෙන කරුණු ආමන්ත‍්‍රණය කරන ලෙසත් අප සියළු ජනාධිපති ධූර අපේක්ෂකයන්ගෙන් ඉල්ලා  සිටින්නෙමු.

විගමණික ශ‍්‍රමිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මානව හා කම්කරු අයිතිවාසිකම් :

  • කාන්තා විගමණික ශ‍්‍රමිකයන් පිලිබඳ විශේෂ අවධාරණය සහිතව විගමණික ශ‍්‍රමිකයන් ඇතුළු සියළු ශ‍්‍රමිකයන්ගේ මූලික මානව හා කම්කරු අයිතිවාසිකම් සියළු නීති රාමුන් තුලට ඇතුලත් කරන බව හා අදාල ප‍්‍රතිපත්ති රාමු තුළ ප‍්‍රධාන ධාරාගත කරන බව තහවුරු කිරීම.
  • අදාල නීති පනවමින් හෝ තිබෙන නීති සංශෝධනය කරමින් අවම වශයෙන් 2022 වන විටවත් සියළු විගමණික ශ‍්‍රමිකයන් හට සිය ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ පිලිපීනයේ අත්දැකීමෙන් උගෙන නියෝජිතයෙකු මගින් ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ හැකියාව ඇතුළු ශ‍්‍රී ලංකාව තුළ හා විදේශ රටවල ඇති ශ‍්‍රී ලාංකික දූත මණ්ඩල තුළ පාරදෘශ්‍ය යාන්ත‍්‍රණයන් හා ක‍්‍රියාවලි ස්ථාපිත කිරීම.
  • 1985 අංක 21 දරණ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාරයාංශ පනතට සංශෝධන ගෙන ඒම කඩිනම් කිරීම සහ ශ‍්‍රී ලංකාව විසින් අත්සන් කොට ඇති / අපරානුමත කොට ඇති සංක‍්‍රමණය පිලිබඳ ගෝලීය ගිවිසුම් සහ සියළු විගමනික ශ‍්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව යමින්, විගමණික තත්ත්වය පිලිබඳ සැලකීමකින් තොරව සියළු විගමණික ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම්  සහ සුභසාධනය වඩා හොඳින් පිලිගැනීමට  සහ ආරක්ෂා කිරීමට සමාලෝචිත ජාතික  ශ‍්‍රම විගමන ප‍්‍රතිපත්තිය කඩිනමින් සම්මත කොට ක‍්‍රියාවට නැංවීම.
  • ස්වයං නියෝජනය තහවුරු කිරීම සහ යුක්තිය වෙත ඇති ප‍්‍රවේශය වඩා යහපත් කිරිම සඳහා විගමණික ශ‍්‍රමික සංගම් ලියාපදිංචිය සිදු කිරීමට වෘත්තිය සමිති පනත ඇතුළු අදාල කම්කරු නීති සංශෝධනය කිරීම.
  • සියළු විගමනික ශ‍්‍රමිකයන් සඳහා ක‍්‍රියාත්මක කිරීම පිණිස වූ යාන්ත‍්‍රණයක් සහිතව, සියළු ද්විපාර්ශ්වික ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් තුළ ඇතුලත් කිරීම සඳහා වෛද්‍ය රැකරවණය, අසනීප ප‍්‍රතිලාභ, රැකියා ස්ථාන අනතුරු හා මරණ ප‍්‍රතිලාභ මත විශේෂ අවධානයක් සහිත පහසු සමාජ රැකවරණ යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දීම.
  • රැකියා ස්ථානය තුළ ලිංගික හිංසනය පිටුදැකීම සඳහා වූ ජාතික කම්කරු සංවිධානයේ 190 සම්මුතිය අපරානුමත කිරීම.
  • ගෘහ සේවකයින් සඳහා යහපත් වැඩ සදහාවූ ජාතික කම්කරු සංවිධානයේ 189 සම්මුතිය අපරානුමත කිරීම.

කාන්තාවන්, විගමනය සහ ආර්ථිකය

  • සේවාවන් සඳහා සමාන ප‍්‍රවේශය, ජීවනෝපාය, සහ නීතිය යටතේ සමාන ආරක්ෂාව සපයමින් විගමණික කාන්තාවන් විසින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට දක්වන දායකත්වය පිලිගැනීම.
  • කාන්තාවන්ගේ ඔබමොබ යාමේ නිදහස සහ සමානාත්මතාවය උල්ලංඝනය කරන්නා වූ කාන්තා විගමණික ශ‍්‍රමිකයින් සඳහා වූ පවුල් පසුබිම් වාර්තාව (ප.ප.වා.) ආදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයට අනුව වෙන් වෙන් වශයෙන් සලකන ආකාරයේ සියළු රෙගුලාසි අහෝසි කිරීම සහ ශ‍්‍රම විගමණය සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම
  • අඩ කාල සහ අවිධිමත් ක්ෂේත‍්‍රයේ කාන්තා ශ‍්‍රමිකයන් ඇතුළු කාන්තාවන් විසින් රුචිකත්වයක් දක්වන රැකියාව පිලිබඳ සැලකීමකින් තොරව සියළු කාන්තාවන් හට නීතියේ ආරක්ෂාව තහුවරු කිරීම මගින් විකල්පයන් නොමැතිකම හේතුවෙන් කාන්තාවන් හට විදේශගත වීමට බල නොකොට සිය අභිරුචිය පරිදි රැකියාවක නිරත වීමට අවශ්‍ය නිදහස ලබා දීම.

පාලනය සහ විගමණය

  • ශ‍්‍රම සංක‍්‍රමණය හා සම්බන්ධ සියළු ද්විපාර්ශ්වික ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් පාරදෘශ්‍ය හා ජනතාවට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ඒවා විය යුතු අතර, ජීවත්වීමේ වැටුප් ගිවිසුම්, සෞඛ්‍ය අයිතිවාසිකම් ගිවිසුම්, ද්විපාර්ශ්වික වෘත්තීය නිපුණතා ආයෝජන සහ නැවත සිය රට පැමිණීම හා සමාජයට ඒකාබද්ධ කිරීමේ ආයෝජන පිලිබඳ කරුණු ඇතුලත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ජා.ක.ස.) මූලධර්ම ප‍්‍රකාරව ශ‍්‍රී ලාංකික විගමනික සේවකයන් සඳහා යහපත් සේවා තත්ත්වයන් තහවුරු කිරීම පිණිස ඒවා තවදුරටත් සමාලෝචනය කළ යුතුය.
  • විගමණික ශ‍්‍රමිකයන්ගේ බැඳියාවන් ආරක්ෂා කිරීම සඳහා ජා.ක.ස. සදාචාර සම්පන්න බඳවා ගැනීමේ පිළිවෙත් සහ එහි 181 සම්මුතිය තුළ ඇති ප‍්‍රමිතීන් ආරක්ෂා කොට ප‍්‍රවර්ධනය කිරීම පිණිස අවශ්‍ය නීති සකස් කොට ක‍්‍රියාවට නැංවීම සහ එමගින් කොරිඩෝර තුළ සිදුවන බඳවා ගැනීමේ අකටයුතුකම් මුලිනුපුටා දැමීම
  • පුද්ගල ජාවාරම් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව වැඩි වශයෙන් නඩු පැවරීම් සිදු කිරීම සහ ජාවරම් වල වින්දිතයන් හෝ වින්දිතයන් බවට පත්විය හැකි පුද්ගලයන් හට වැඩිපුර ආරක්ෂාව සැපයීම තහවුරු කිරීම සඳහා ජාතික පුද්ගල ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය  ඇතුළුව, විශේෂයෙන් කාන්තා ශ‍්‍රමිකයන් හා විගමණික ශ‍්‍රමිකයන් ජාවාරම් කිරීම සහ ඔවුන් බලහත්කාරයෙන් සේවයේ යෙදවීම මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය නීති සහ යාන්ත‍්‍රණයන් ශක්තිමත් කිරීම
  • අවිධිමත් ලෙස විදේශගත වීමට බලපාන හේතු හඳුනාගැනීම සහ ඒවා ආමන්ත‍්‍රණය කිරීමල කාන්තාවන් සහ පුරුෂයන් වෙන්කොට සලකනු ලබන නීති සහ ප‍්‍රතිපත්ති, සේවාවන් සහ ජීවනෝපායයන් වෙත ප‍්‍රවේශය නොමැතිවීම, යුක්තිය වෙත ඇති ප‍්‍රවේශය නොමැති වීම හා සේවා ස්ථානයේ පවතින ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පාදක ප‍්‍රචණ්ඩත්වය සහ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය ඇතුළු ගැටලු ආමන්ත‍්‍රණය කිරීම

විගමණය සහ සංවර්ධනය

  • දිළිඳුබව මුලිනුපුටා දැමීම, අධ්‍යාපනය, සෞඛ්‍යය, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය අසමානතාවයන්, යහපත් රැකියා, අවම කරන ලද අසමානතාවයන්, කර්මාන්ත, යටිතල පහසුකම්, නාගරික සැලසුම්, නිවාස සහ සාමකාමී සමාජයක් ඇතුළු තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති විගමනය සහ සංවර්ධනය තුළ ඒකාබද්ධ කිරීම තහවුරු කිරීම
  • ප‍්‍රාදේශීය විගමණ පැතිකඩයන්, නිපුනතා හඳුනාගැනීමේ වැඩසටහන්, නැවත සිය රට පැමිණෙන පුද්ගලයන්ගේ හා විගමණික ජනගහනයේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන් කරන ලද දත්ත හරහා ඇතුළු ප‍්‍රාදේශීය හා ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරිම තුලට විගමනය සහ සංවර්ධනය ප‍්‍රධාන ධාරාගත කිරීම සහ ප‍්‍රාදේශීය ප‍්‍රමුඛතාවයන්, නැවත සියරට පැමිණෙන විගමණික ශ‍්‍රමිකයන්ගේ සමාජ ආර්ථික ඒකාබද්ධතාවය ඇතුළු ජාතික ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාකාරී සැලසුම් සමග සම්බන්ධ කිරීම සඳහා ප‍්‍රජා සිතියම් සකස් කිරිම
  • ලාභදායී සහ වේගවත් පේ‍්‍රෂණ එවීම පහසු කිරීම සහ නිත්‍යානුකූල පේ‍්‍රෂණ හුවමාරු මාර්ග සහ ඒවා සිය ප‍්‍රජාවන් සහ ජාතික ආර්ථිකය තුළ ආයෝජනය කිරීම සඳහා විගමනික ශ‍්‍රමිකයන් සහ ස්ථිර විගමනියකයන් හට දිරිගැන්වීම් ලබා දීම
  • සේවාවන් වෙත ප‍්‍රවේශ වීමට, සමාජයට ඒකාබද්ධ වීමට, සිය මුල් ප‍්‍රජාවන් තුළ රැඳී සිටීමට, සහ ජාතියේ සංවර්ධන ප‍්‍රයත්නයන්ට සහාය වීමට විගමණික ශ‍්‍රමිකයන්ගේ හැකියාව ඉහළ දැමීම  තුලින් සංවර්ධනයේ කොටස්කරුවන් ලෙස ඔවුන් සම්බන්ධ කර ගැනීම සහ බලාත්මක කිරීම.

සංක්‍රමණික සේවක හඬ (Voice of Migrant Workers) යනු ජාතිකල උපකලාපීයල ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකා සංක්‍රමණික සේවකයන් හා ඔවුන්ගේ පවුල් වල අයිතිවාසිකම්ල ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් පෙනී සිටින සිවිල් සමාජ හා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සැදුම්ලත් එකමුතුවකි.

23 ඔක්තෝබර් 2019

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435