ජපන් රැකියාවකට යන්න අපේක්ෂාවෙන් සිටින අයට සුබ ආරංචියක්!

ජපානයේ රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයින් හට වසර 10 ක වීසා පහසුකම් හිමිවන බව විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. විදේශගත මේ රටේ ශ්‍රම බලකාය වෙනුවෙන් දියත් කෙරෙන රන් පියාපත් වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්ය්වරයා මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

“ජපානයේ රස්සා ගැන විදේශ නියුක්ති කාර්යාංශයේ අයම දන්නේ නැති නිසා එක එක ඒවා කියනවා. මේක බොහොම අමාරුවෙන් ගත්ත දෙයක්. ජපානය කියන්නේ ලංකාවට ථෙරවාදී බුදුදහම තියෙන නිසා, ජපානයේ ජනගහනය විශාල ප්‍රමාණයක් අඩුවෙන නිසා, ඒගොල්ලන්ගේ ගොඩාක් වයස්ගත ජනගහනයක් ඉන්න නිසා ලංකාවට ආපු හොඳම හොඳ වරමක්. මේ වරමට මම යූඑන්පී කාරයෙක් කියලා ගන්න එපා.“

“ඉල්ලීමක් කරනවා. කරුණාකරලා අපට ලංකාව මැදපෙරදිගින් තියෙන මේ කරදරවලින් අයින් කරගෙන ජපානය වගේ පුහුණු, අර්ධ පුහුණු ශ්‍රමිකයෝ අරින්න පුළුවන්නම් එතනට අපි යොමුවෙමු. එතනට ගන්න එපා. කව්ද මේක ගෙනාවේ, කොහොමද කියන එක. මම අවංකව කියනවා, මේ කටයුත්ත ලංකාවේ දිශානතිය වෙනස්කරවන්න පුළුවන් තැනකට යන්න ලාංකිකයන්ට හම්බුවෙයි. අවුරුදු 10ක වීසා එකක් දෙනවා, අත්සන් කළේ බොරුවක් නෙමෙයි.“

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435