ජපානයේ රැකියාවකට යන්න කැමති අයට පහසු අවස්ථාවක්!

ජපානයේ සංක්‍රමණික නීති ලිහිල් කෙරෙන කෙටුම්පතක් එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමතකර තිබෙන අතර ඉන් නව වීසා කාණ්ඩ දෙකක් යටතේ විදේශිකයින්ට කම්කරු රැකියා සඳහා ජපානයට ඇතුළු වීමට අවස්ථාව හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

එනමුත් මෙම නව නීතිය ක්‍රියාත්මක වීමට නම් අදාළ නීති කෙටුම්පත ජපාන පාර්ලිමේන්තුව තුළ සම්මත වියයුතු අතර එලෙස සම්මත වීමෙන් ඉදිකිරීම්, ගොවිතැන් සහ සෞඛ්‍ය යන අංශ සඳහා විදෙස් ශ්‍රමිකයින්ට ජපානයට ඇතුළු වීමේ නව දොරටු විවරවෙනු ඇත.

ජපානය සංක්‍රමණික නීති ඉතා දැඩි රටක් වන අතර රැකියා සඳහා එරටට ඇතුළුවිය හැකි විදෙස් ශ්‍රමික සංඛ්‍යාව සීමා සහිත වේ. එහෙත් නව නීතිය යටතේ

විදේශික ශ්‍රමිකයින් රැසකට ජපානයේ රැකියාව සඳහා පැමිණීමේ වරප්‍රසාද හිමිවෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ.

අදාළ නීතියට අනුව පළමු වීසා කාණ්ඩය යටතේ සිය පවුලේ සාමාජිකයින් ද සමග විදෙස් ශ්‍රමිකයෙකුට අවුරුදු 5ක් ජපානයේ සේවය කිරීමට වීසා හිමුවනු ඇති. ඉහළ මට්ටමේ කුසලතා සහිත සේවකයින් දෙවන වීසා කාණ්ඩයට සුදුසුකම් ලබන අතර අවසනයේ ඔවුන්ට එරට පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ද අයදුම් කිරීමට ද හැකි වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් කැබින්ට් මණ්ඩලයේ සම්මත වූ මෙම නව නීතිය එරට විරුද්ධ පක්ෂවල විවේචනයට ලක්ව ඇත. ඔවුන් පවසන්නේ, නව නීතිය සම්මත වුවහොත් එය එරට වැටුප් සහ අපරාධ අනුපාතයට බලපෑමක් සිදුවනු ඇති බවයි.

එහෙත් ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ අවධාරණය කළේ, යෝජිත නීති කෙටුම්පත රටේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ඉක්මවා නොයන්නක් බවයි.

මේ යටතේ දැඩි කම්කරු හිඟතාවයට කඩිනමින් පිළියම් යෙදිය හැකි විශේෂ කුසලතා සහිත විදෙස් ශ්‍රමිකයින් පමණක් ජපානය විසින් පිළිගනු ඇති බව ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ වැඩිදුරටත් පවසී ය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435