ජපුර සරසවි සේවකයෝ වැඩ වරති

26 February 2014 – wedabima.lk

 

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඊයේ රාති‍්‍රයේ ඇති වූ ගැටුමේදී ආරක්ෂක නිලධාරීන්ට පහර දීමට විරෝධය දක්වමින් එම විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක නිරතවන බව වාර්තාවේ.

 

එහි ශිෂ්‍ය නියෝජිතයෙකු මව්බිමට සඳහන් කළේ මේ වන විට තත්වය පාලනයවී ඇති බව සහ දිගු කාලීනව සරසවියේ ආරක්ෂක නිලධාරීන් සහ සිසුන් අතර පැවති කෝන්තරයක් මෙම ගැටුමට මුල්වී ඇති බවයි.

 

විශ්වවිද්‍යාලය ඉදිරිපිට තිබෙන සෝරත නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් සහ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් අතර ඊයේ රාත්‍රී ඇති වූ ගැටුමෙන් එක් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

 

අනධ්‍යන කාර්ය මණ්ඩලය සමග මෙම ගැටලුකාරී තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලිඛිත ඉල්ලීමක් කර ඇති අතර මෙම සතිය තුලදී එම සාකච්ඡාව පැවැත්වීමට අනධ්‍යන කාර්ය මණ්ඩලය එකඟවූ බවද එම ශිෂ්‍ය නියෝජිතයා සඳහන් කළේය.

 

මුලාශ්‍රය – mawbima.lk

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435