ජල සම්පාදන සේවකයින් අද වර්ජනයේ

ජල සම්පාදන සේවකයින් පසුගිය දිනවල ගනු ලැබූ වෘත්තීය ක‍්‍රියාමාර්ග වලින් අනතුරුව ඇමතිවරයා විසින් දෙන ලද පොරොන්දු මෙතෙක් ඉටුකර නැති බැවින් අද(25) වර්ජනයක් සිදුකරන බව ජලසම්පාදන වෘත්තීය සමීති පවසයි.

ඒ අනූව අද(25) පෙ.ව. 9.00 සිට ප.ව.1.00 දක්වා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉන්ජිනේරු උපාලි රත්නායක මහතා නිවේදනය කරයි.

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා‍ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මෙසේද සඳහන්ය.

ජල සම්පාදන සේවකයින්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ග වලින් අනතුරුව ඇමතිවරයා විසින් දෙන ලද පොරොන්දු අනුව වෘත්තීය ක‍්‍රියාමාර්ග තාවකාලිකව කල් තබා තිබුණි. ඇමතිවරයා විසින් දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැත. දුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව නැවත වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට එළඹීමට ජල  සම්පාදන වෘත්තීය සමිති තීරණය කර ඇති අතර ඒ අනුව මාර්තු 25 දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පැය 4 ක කාලයක් රාජකාරිවලින් බැහැර වී වැඩ වැරුමක යෙදීමට තීරණය කර ඇත.
ඒ අනුව බස්නාහිර පළාතේ සියලු වැඩබිම් සහ කාර්යාලවල සේවකයින් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට එක්වන අතර සියලු කාර්යාල කටයුතු, බිල්පත් නිකුත් කිරීම් කටයුතු, මනු සටහන් ගැනීමේ කටයුතු, සියලු පාරිභෝගික සේවා කටයුතු, දෛනික නඩත්තු කටයුතු සිදු නොවනු ඇත. මෙම ක‍්‍රියාමාර්ගයෙන්
අනතුරුව ඇමතිවරයා ඇතුළු අදාළ බලධාරීන් කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරි ක‍්‍රියාමාර්ගවලට එළඹීමට සියලු සේවකයින් සූදානම්ය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435