ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම 

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරුණු සැමරුම් උත්සවයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම ලොව මහාද්වීප හතරක, රටවල් විසිහතරක, ජාතික වැඩසටහන් විසිහතරක් එක් කර සජීවී 24- පැය ගෝලීය විකාශන වැඩසටහනක් ලෙස පැවැත්විණි. පෙ.ව 10.30 සිට 11.30 දක්වා ශ්‍රි ලංකාව එම වැඩසටහන සමග එක් වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ සුබපැතුම් පණිවිඩයක් එහි දි විකාශය කෙරිණි.

ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව පිළිබදව සිදු කළ පර්යේෂණාත්මක ප්‍රකාශනය කම්කරු සහ වෘත්තීය සමිති අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම සනිටුහන් කරමින් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

එමෙන්ම 2017 නොවැම්බර් මාසයේ දී බූවනෝස් අයර්ස් නගරයේ පැවති ළමා ශ්‍රමය තිරසර ලෙස පිටුදැකීම පිළිබද 14 වන ජාත්‍යන්තර සමුළුවේ දී ඇතිකරගත් ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අනුගත වූ බවට ප්‍රකාශය මෙහිදී ජනාධිපතිතුමා අතින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජිත Simrin Singh මහත්මිය වෙත පිළිගැන්විණි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435