ජාත්‍යන්තර සංක්‍රමණික දිනයේ සංක්‍රමණිකයින් වෙනුවෙන් කළයුතු වන්නේ මෙයම නොවෙද?

අද ජාත්‍යන්තර සංක්‍රමණික සේවක දිනයයි…  විදෙස්ගතව සේවය කරන මෙරට ශ්‍රමිකයින්ගේ ජීවිතයේ පිටට නොපෙනෙන ඇත්ත දකින්න…  අදට පමණක් නොවී හැමදාටම ඔවුන්ගේ සේවය අගයන්න..ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න පෙළගැහෙන්න …එයයි ඔවුන් වෙනුවෙන් අපට කළ හැකි.

දුක්කම්කටොළු  මැද ජීවිතය ජයගන්න වෙහෙසෙන මෙරට විගමණික ශ්‍රමිකයින්ගේ අයිතීන් වෙනුවෙන් හඬක් නඟන්න කාලය එළැඹ තිබේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙරට ලාංකිකයින්ට විදේශයන්හිදී සිදුවෙන නොයෙකුත් හිංසන, අසාධාරණකම්, වංචාවන් නිසයි. මෑතකදී ඉදිරිපත්කළ සංඛ්‍යා වාර්තාවලට අනුව ගතවූ වර්ෂය තුළ ලාංකිකයින් 222ක් විවිද හේතූන් මත විදෙස්ගතව සිටියදී මරණයට පත්වී තිබේ.

ඉතින් මෙරට ආර්ථිකය ශක්තිමත් කරන මේ ශ්‍රම බලකායට වර්තමානයේදී අත්ව ඇති කණගාටුදායක තත්ත්වය යම්තාක් දුරට අවම කර ගැනිමට රජයක්ලෙස, රාජ්‍ය නොවෙන සංවිධාන ලෙස වෘත්තීය සමිති ලෙස එක්ව කටයුතු කිරීමේ වැදගත්කම දැන් දැන් පසක් වෙයි.

මෙවැනිම දුෂ්කරතාවලට මුහුණදුන් කොතෙක් නම් විගමණික ශ්‍රමිකයින් මේරට තුළ ඇත්ද? ඉන් සමාජය දැන්ගන්නේ අතලොස්සකගේ ජීවිත කතාව පමණයි..තවත් බොහෝ දුක්බර කතා ඔවුන් අතරම අතිවී නැතිවී යයි.. මේ ක්‍රමය වෙනස්වීමට කාලය පැමිණ තිබේ..ඔබත් විදෙස්ගතව සේවය කළ, සේවය කරන, නොයෙකුත් දුෂ්කරතා වලට මුහුණ දුන් අයෙක් නම් ඔබේ අත්දැකීමෙන් තවත් කෙනෙකුට උදවු උපකාර කරන්න, උපදෙසක් දෙන්න කැමති නම් මේ වගේ අපිට කියන්න..ඔබේ අදහස තවත් කෙනෙකුගේ ජිවිතය රැකගන්න උපකාරයක් වෙනු ඇත…

මේ වීඩියෝ පටයෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ජීවිතවල පිටට නොපෙනෙන ඇත්ත අත්දැකීම් ඇසුරින් පැහැදිලි කරයි. විදෙස්ගත ඔබ අනිවාර්යෙන් මෙය නරඹන්න… ඔබේ අදහසත්මේ වගේම අපිට කියන්න…

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435