ජාතික කම්කරැ උපදේශක සභාවෙන් පිටව යාම

පසුගිය 04 වනදා ජාතික කම්කරැ උපදේශක සභාවෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පිටව යාම සම්බන්ධයෙන් කරැණු දක්වා CMU ප්‍රධාන ලේකම් බාලා තම්පෝ මහතාගේ අත්සනින් වැඩබිම වෙත යොමුකල ලිපිය පහතින් දැක්වේ.

ප‍්‍රවෘත්ති කර්තෘ

වැඩබිම

කොළඹ

ප‍්‍රිය මහත්මයාණනි,

 

වෘත්තීය සමිති නියෝජිතයන් ජාතික කම්කරු උපදේශක සභාවෙන් පිටව යාම

ජාතික කම්කරු උපදේශක සභා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අද දින ( 2014 ජූලි 4) පස්වරු 3.00 ට පැවැති රැස්වීමෙන් සියළුම වෘත්තීය සමිති නියෝජිතයන් පිටව යන ලදී. මෙය, මෙරටේ කම්කරුවන්ට බලපාන්නාවූ, ජාතික කම්කරු ප‍්‍රඥප්තිය නෛතික වශයෙන් ක‍්‍රියාත්මක කිරීම, සේවක නියෝජිතයන් සමග සාකච්චා කර ජිවන වියදම් දර්ශකයක් පිළියෙල කිරිම හා ගැසට් කිරිම, දස දහස් ගණන් කම්කරුවන් කොන්ත‍්‍රාත්කරුවන් මාර්ගයෙන් සේවයේ යෙදවීම සහ අර්ථසාධක අරමුදල් හා භාරකාර අරමුදල් ආයෝජනය වැනි, කම්කරුවන්ට බලපාන්නාවූ වැදගත් කරුණු පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව හා කම්කරු ඇමති ගාමිනී ලොකුගේ මහතා ප‍්‍රමාණවත් සැළකිල්ලක් දැක්වීමට අසමත්වීම ගැන විරෝධය ප‍්‍රකාශ කිරීම සඳහා විය.

මෙම වසරේ මැයි සහ ජූනි මාසවල පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම්, කලින් අවස්ථාවල මෙන්, කිසිදු පැහැදිලි කිරීමකින් තොරව, ඉතා කෙටි දැනුම් දීම් මගින් අවලංගු කරන ලද බව සහ සේවක නියෝජිතයන්ගේ අවධානය ඇති ප‍්‍රධාන කරුණු වලට නිසි සැළකිල්ලක් නොමැතිව ප‍්‍රමාණවත් දැනුම්දීමක් නොමැතිව එවැනි රැස්වීම් වල න්‍යාය පත‍්‍ර කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කරන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.

විශේෂයෙන් ජාතික කම්කරු ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මත කිරීම අරභයා ජනාධිපති රාජපක්‍ෂ සමග හමුවක් පසුගිය වසරේ පිළියෙල කිරීමට ඇමතිවරයා එකඟ වූ නමුත් එය මෙතෙක් කර නොමැති බවද සිහිපත් කරන ලදී. පිටව යාමට පෙර, සේවක නියෝජිතයන් අද දින විරෝධය දැක්වු සඳහන් කල කරුණු පිළිබඳව සලකා බලන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි අතර, 2014 අගෝස්තු 14 දිනට දින මීළග ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට පෙර මෙය ජනාධිපතිවරයාට දන්වන ලෙසද ඉල්ලා සිටින ලදී.

පිටව යාම පස්වරු 3.30 ට සිදු විය.

අත්සන් කලේ  බාලා තම්පෝ

ප‍්‍රධාන ලේකම්

 

වැඩබිම

 සබැදී පුවත්

∇ ජාතික-කම්කරු-උපදේශක-සභාව-රැස්කරවන-මෙන්-ඉල්ලා-සිටින-පොධු-වෘත්තීය-සමිති-ලිපිය-24-10-2013

∇ වෘත්තීය සමිති ජාතික කම්කරු උපදේශක සභාව වර්ජනය කිරීමට තීරණය කරයි

∇ ජාතික කම්කරු උපදේශක සභාව පිලිබඳ හැඳින්වීම

∇ ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) වැඩකරන පංතියට වැදගත් වන්නේ ඇයි ?

∇ NLAC නීති රීති

∇ NLAC සාමාජිකයෝ

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435