ජාවාරම්කරුවන්ට හසු නොවී ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගන්නේ මෙහෙමයි

විදෙස් රැකියා සඳහා යොමුවන බහුතරයකගේ අවධානයට යොමුවන රටක් ලෙස ඊශ්‍රායලය හැඳින්වීමට හැකියි.

මැදපෙරදිග කලාපය තුල පිහිටා තිබුනත් අනෙකුත් මැදපෙරදිග රටවලින් නිරන්තරයෙන් අසන්නට ලැබෙන විදෙස් ශ්‍රමිකයන්ට සිදුවන තාඩන පීඩන, වද හිංසා, අමානුෂික ලෙස සැලකීම් ඊශ්‍රායලයෙන් වාර්තා නොවන තරම්.

ඊශ්‍රායලයේ වාසය කරන ඕනෑම විදෙස් සේවකයෙක් තම මව් රටට දක්වන ආදර ගෞරවයට සමාන ගෞරවාදරයක් ඊශ්‍රායලයට දැක්වීම පුදුමයක් නොවෙයි. පසුගියදා ඉන්ටර් නේෂන්ස් ආයතනය කළ සමීක්ෂණයකින් පවා ඊශ්‍රායලය ලොව සංක්‍රමණිකයන්ට ජීවත්වීමට සුදුසු රටවල් අතර හතර වන ස්ථානයට පත්විය.

මේ සියලුම හේතුන් නිසා ඊශ්‍රායලය සංක්‍රමණික සේවකයින්ගේ ඉහලම ඉල්ලීමක් ඇති රටක බවට පත්ව තිබේ. මේ නිසාම රැකියා ඇතැම් නියෝජිතායතන අධික මුදල් ඉල්ලමින් රැකියා අපේක්ෂිතයන් අමාරුවේ දමන අවස්තාවන් ද බහුලයි.

 ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සඳහා යොමුවීමේදී මුහුණපාන්නට වන මූල්‍යමය වංචා පිලිබඳ විස්තර ඇතුළත්, ලංකා නිව්ස් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද ලිපියක් “ඊශ්‍රායල් රැකියා පසුපස මහා පරිමාණ මුදල් කොල්ලයක්” යන ශිර්ෂපාඨය යටතේ පසුගිය 9 වනදා වැඩබිම වෙබ් අඩවියේ පළවිය.

එයට පිළිතුරක් ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, විගමනික සම්පත් මධ්‍යස්ථානය වංචාකරුවන්ට හසු නොවී ඊශ්‍රායල් රැකියා සඳහා යොමුවන අකාරය පිළිබඳව කරනු ලැබූ සටහනක් ඊශ්‍රායලයේ රැකියා වල නියුතු මෙන්ම රැකියා සඳහා ඊශ්‍රායලයට යාමට බලාපොරොත්තු වන අයටද ඉතා වැදගත් වනු ඇතැයි හැඟුණු බැවින් මෙසේ සටහන් කර සිටිමු.

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සොයා ගැනීමේ හොඳම සහ නිවැරදිම ක්‍රමය 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා ඔබට ඒ ඒ රටවලට අදාළව, කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති රැකියා නියෝජිතායනතන වලට ලැබී ඇති රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් විය හැකියි. ඊශ්‍රායලයට අදාළ රැකියා අවසථා පිලිබඳ දැනගැනීම සඳහා පහත ලින්ක් එකට පිවිස දක්වා ඇති රටවල් අතරින් ඊශ්‍රායලය තෝරන්න.

http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn.asp

අයකරගත හැකි උපරිම ගාස්තුව ලක්ෂ තුනකි. රැකියාවට අදාළ සියලුම විස්තර  ඉහත වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

 

අනුමත ගාස්තුවට වැඩි මුදලක් ඉල්ලා සිටින අවස්තාවක කළ හැක්කේ කුමක්ද?

ඔබගේ විදේශ රැකියාව ලබා දුන් ඒජන්සිය විසින්, අනුමත ගෙවීම් මුදලට වැඩිය මුදල් හෝ ඇපකර තැන්පතු ගෙන තිබේනම් මේ සමග තිබෙන පැමිණිලි පත සම්පුර්ණ කර ( රිසිට් පත් නොමැතිනම් සිදුවීම පිලිබදව සම්පුර්ණ විස්තරාත්මක ලිපියක් සමග ) විගමනික සම්පත් මධ්‍යස්ථානයට පැමිණිලි කළ හැකිය.

12196069_1681022162113781_5981719949051991574_n

 

 

 

 

 

 

සම්බන්ධීකරණ තොරතුරු:

දුරකථන අංක
  • 0094112879900
  • 0094112879901
  • 0094112879902
  • 0094112251148
  • 0094112251367
  • 0094112251386
ෆැක්ස් අංක
  • 0094112879903
  • 0094112251378
ඊමේල් ලිපිනය
  • infor_center@slbfe.lk
  • info@slbfe.lk
ස්කයිප්
  • inforcenter_slbfe

ෆේස්බුක්

කාර්යාංශයේ සේවයේ නියුතු යම් කිසි නිලධාරියෙකු අදාළ මූල්‍යමය වංචා සමඟ සම්බන්ධ නම්

 වීදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යමණ්ඩලයේ කිසිවෙකු හෝ, විදේශ රැකියා සම්බන්ධයෙන් මූල්‍යමය වංචාවන් කර තිබේනම් ඔබට ඒ සම්බන්ධව පහත සම්බන්ධීකරණ තොරතුරු හරහා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරියට පැමිණිලි කළ හැකිය.

Ministry of Foreign Employment
Tower 5, Level 12, Central Bank Building
No.30, Janadhipathi Mawatha, Colombo 01.

General – +94 11 2477971
Fax – +94 11 2477950
Fax (Minister’s Office)-+94 11 2477955/+94 11 2477948

ඔබ ඊශ්‍රායල් රැකියා සම්බන්ධව යම් කිසි මූල්‍යමය වංචාවකට හෝ වෙනයම් ලිංගික අල්ලසකට හෝ යටත් වීමට සිදුවුයේ නම් නිහඩව නොසිට ඉහත සම්බන්ධීකරණ තොරතුරු හරහා ඒ පිලිබඳ වාර්තා කරන්න. එය ඔබෙත්, තවත් බොහෝ දෙනෙකුගේත් යහපතට හේතු වනු ඇත.

විදෙස් රැකියාවන්හි නියුතු සංක්‍රමණික සේවකයින්ට සහය වන ආයතන බොහෝ ගණනක් ඊශ්‍රායලය තුළද ක්‍රියාත්මක වේ. ඔබට, ඊශ්‍රායලය තුළදී ඔබ මුහුණ පාන ඕනෑම ගැටලුකාරී අවස්ථාවකදී එම ආයතන වල පිහිට, ආරක්ෂාව හා නීතිමය උපදෙස්ද ලබා ගත හැකිය.

එම ආයතන පිලිබඳ විස්තර ලබා ගැනීම සඳහා පහත ලින්ක් වෙත පිවිසෙන්න.

ඊශ්‍රායලයේදී ඔබ මුහුණ දෙන පොදු ගැටළු වලට පිළිතුරු

ඊශ්‍රායලයේදී ඔබට වැදගත්වන ආයතන

ඊශ්‍රායලයේදී ඔබේ උදව්වට එන ආයතන..

ඊශ්‍රායලයේ සේවය කරන ඔබේ අවධානය පිණිසයි!!

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (3)

  1. Author says:

    ඊශ්‍රායල් යන්න විස්තර කියන්න යන ගාස්තු කොහොමද

    (1)(0)



    0



    0
  2. ඒජේන්සි මාර්ගයෙන් හැර වෙනත් ක්‍රමයක් තිබෙද?

    (22)(6)



    5



    0
  3. Author says:

    ජාවාරම් කරුවන්ට හසු නොවි ඊශ්රායල් වලට එන්නෙ කොහොමද.. යන උපරිම ගාන කීයද...

    (35)(32)



    0



    7

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435