ජීවිතයේ ලබපු නරකම අත්දැකීමකින් බිදක් ( අතරමං වූ සංක්‍රමණිකයෙකුගේ කතාව)

මම හෙට ශ්‍රී ලංකාවට යනවා නමුත් කරුණාකර කියවන්න. පළමු වරට ලංකාවෙන් හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් සදහා රැකියාවක් සදහා මාලදිවයිනේ කිසියම් හෝටලයකට සම්බන්ධ වූයේ 01.02.2020 දිනයේදීය. එලෙස සම්බන්ධ වූ මා රැකියාවේ නිරත වන අතර වාරයේම තමයි මේ Covid 19 රෝගී තත්ත්වය ලොව දරුණු වශයෙන්ම පැතිර ගියේ. එහිදී පරිවාස කාළය අවසන් නොකල සේවකයන් ගේ රැකියාව තාවකාලිකව අ‍ත්හිටුවන ලදි. එලෙස අප කිහිප දෙනෙකුට 21.03.2020 රැකියාව අහිමි වුනි. නමුදු මේ දක්වාම මෙම ආයතනය අපට ආහාර, නවාතැන් පහසුකම් සපයයි.

කෙසේ නමුදු මෙහිදී මුහුණ දුන් මානසික පීඩන නම් ඉතාමත් ඉහළ මට්ටමක පවතී. එය මෙම ආයතනයේ වරදක් නම් නොව. මෙහි සේවය කරන ශ්‍රී ලංකාවේ අපේම අයගෙන් මා ලද තාඩන පීඩන වීම ඉතාමත් ශෝක ජනක වේ. ඒ අතරින් කිහිප දෙනෙක් මා හට උපකාර කලේය. ඒ අයට මා හදවතින්ම ස්තූතිය පුද කරමි.

මෙසේ වීමට ප්‍රධානතම හේතුව වූයේ, මා නිතර වශයෙන්ම හිත මිතුරු මිතුරියන් තෝරා ගනුයේ ජාති, ආගම්, කුල, රටවල් වශයෙන් බලා නොවේ. ඔහු හෝ ඇය තුළ සැබෑ මිනිසත් කම රදා පවතී නම් නියත වශයෙන්ම මා ඔවුන්ට සමීප වෙමි. මෙලෙස මා වෙනත් රටවල් වල අයත් සමග හිතවත් වීමත් සමග අපේ අයගෙන් මා ගොඩක් දුරට මානසික වදහිංසාවලට ලක්වුනි. රැකියාව අහිමි වී මාස තුනක් පමණ වන මා හට එහි තිබෙන පීඩන අතරට අපේම මිනිසුන්ගේ ක්‍රියා තවත් පීඩාකාරී විය. තවද මෙය මාගේ පළමු විදේශ රැකියාව වන අතර මේ සියළුම ප්‍රශ්න වලට මුහුණ දෙනු ලැබූයේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළයි. තවද මා මෙහි පැමිණිමට ප්‍රධානතම හේතුව වූයේ මාගේ දෙමාපියන් රැක බලා ගැනීමට වන අතර මා ඔවුන්ගේ එකම දියණිය වෙමි. වගකීම් බොහෝමයක් සමග ජීවත් වන මා හට මොවුන් ගේ ක්‍රියා විශාල කම්පනයක් බවට පත් වුනි. බුද්ධියක්, සදාචාරයක්, මනුසත් බවක් නොමැති පුද්ගලයන් කිසියම් ආයතනයක සිටී නම් මෙලෙස වීම අරුමයක් නොවේ. තවද ඇතැම් පුද්ගලයන් පෙළෙනුයේ මානසික අසහනකාරී මට්ටමක වන අතර ඔවුන් යමක් දෙස බලනුයේ වැරදීම කෝණයකිනි. ඇතැමුන් උපකාර කරනුයේ යටි අරමුණු තබා ගෙන වන අතර එය ඉෂ්ට නොවූ කල ඔවුන් කරනුයේ පළිගැනීම් පමණි.

මා මෙලෙස මේ අත්දැකීම් ඔබට පැවසූයේ කිසියම් පණිවිඩයක් දීමටයි. එනම් ගැහැණු ළමයෙක්, කාන්තාවක් විදේශ ගත රැකියාව සදහා පැමිණෙනවා නම් යා යුත්තේ තමන් දන්නා කියන යම්කිසි පුද්ගලයන් එහි සිටිනවා නම් පමණි. නැතහොත් අද මා හට මුහුණ පෑමට සිදු වූ දේ හෙට දිනයේ ඔබට විය හැක…

මා හට ගුවන් ටිකට්පත් පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වක් උදා වූ හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාල වෙනත් වෙනත් රාජ්‍ය ආයතන වලට මා මේ බව දැනුම් දිය. ඔවුන් සම්බන්ධ කර ගනු ලැබුවේ ද ඉතා අසීරු වෙන් වන අතර දුරකථනය මුදල් පහසුකම් පවා මට නොතිබිණ. නමුත් මා හැකි ආකාරයට ඔවුන් සම්බන්ධ කර ගන්නා ලදි. අන්තර් ජාල පහසුකම් පවා ඉතාමත් සීමිත ව තිබු අතර මා විද්‍යුත් තැපැල් හරහා ද යම් යම් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන ලදි. මේ සිය්ල්ලම කලත් කිසිදු පලක් නොවුනි. එහෙයින් මා අවසානයේ Mr. Muheed Jeeran

International Human Rights Activist මේ බව දැනුම් දෙන්නට තීරණය කලෙමි. ඉතා මත් සුළු කාලයක් ඇතුළත (පැය 24 ක් ගත වීමටත් පෙර) මට සියළුම විසදුම් ලැබුණි. මම සිංහල බෞද්ධ තරුණියක් වන අතර ඔහු කළ මේ සේවය මා ඉතාමත් අගය කරමි. ඔහු ජාති, ආගම් භේද නොසලකා මා අද මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට උදවු උපකාර කරන ලදි. ඔහු තතු අන්තර්ජාලය මුදා හැරීමත් සමග මාගේ සහෝදර , සහෝදරියන් බොහෝ දෙනෙක් මට කතා කරන ලදි. මට උපකාර කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලදි. තවද මේ කණ්ඩායම නියෝජනය කරන තුසිත සහෝදරයා සහ ඉෂාරා සහෝදරිය මා ගැන රෑ දවල් නොබලා සොයා බලන ලදි. ඔවුන් දෙදෙනා මා මෙම ස්තානයෙන් මුදවා ගෙන ඔවුන්ගේ වාසස්ථාන වල රදවා ගැනීමටත්, මට රැකියාවක් සොයා දීමට, ආහරා පාන පවා ලබා දීමට පවා එකගත්වය පල කරන ලදි. බොහෝ සහෝදරයන් මා හට ගුවන් ටිකට් පත් පවා ලබා දීමට එකග විය. අපේම කිසියම් පිරිසක්  මාමේ ආයතනයේ කොන් කරද්දී ඔබලා මා හට මෙතරම් උදවු උපකාර කිරීමට සහභාගි වීම ගැන මා ඉතාමත් සතුටු වෙමි. කෙසේ නමුත් Sri Lanka Maldives Embassy එකේ බුද්ධිකා මෙනෙවිය ගේ අවදානය යොමුවීමත් සමග ඇය මා හට පුද්ගලිකව කතා කොට මාගේ ගුවන් පහසුකම් නොමිලේ ලබා දෙන ලදි. ඇය වරින් වර මා සම්බන්ධ කර ගනිමින් ඇයගේ උපරිම සහයෝගය දෙන ලදි. ඒ සදහා මා බෙහෙවින් ස්තූතිය පුද කරමි.

තවද මේ කණ්ඩායමේ සිටින ඉෂාරා නැගනිය මට මාගේ සහෝදරියක් ලෙස හැගුණි. මන්ද ඇය මා ගැන පුදගලිකව සොයා බලන ලදි. ඒ තුසිත අයියා ද සමග වන අතර ඔවුන් දෙදෙනාටද මා මගේ හදවතින්ම ස්තූතිය පුද කරමි.

මේ සියල්ලන්ගේ ම අවදානයට හේතු වූයේ – මුහීද් ජීරන් මහතාගේ ලිපිය වන අතර මා එතුමාට නැවතත් හදවතින්ම ආචාර කරමි.

තවද මා මෙන් අසරණ වූ පිරිස් සිටිනවා නම් මා ඒ සදහා හැකි ආකාරයෙන් ඔවුන්ට උපකාර කිරීමට කැමැත්ත පල කරමි. මන්ද මා මුහුණ දුන් මේ අසීරු ත්ත්වය ගැන මා හොදින් දනිමි. කෙටියෙන්ම පැවසුව නොමර මැරිණා කිව හැක. එහෙයින් ඕනෑම අසරණ වූ අයෙක්ට ජාති, ආගම්, කුල භේදයක් නොමැතිව මා හට හැකි ආකරයෙන් මා සහයෝගය පල කරමි.

තවද රටකින් රටකට ඔබ සේවයට ගියහොත් කෙදිනකවත් ජාති, ආගම් , කුල භේද නොසලකා ඔබ සමග සිටින සහෝදරියන්ට, සහෝදරයන්ට ශක්තියක් වන්න. විශේෂයෙන් ගැහැණු ළමයෙක් ට තමන්ගේම සහෝදරියක්ට මෙන් සලකන්න. හෝටල් ක්ෂේත්‍රයේ සිටින ස්ත්‍රීන් ගණිකාවන් මට්ටමට නොදන්න. අහිංසක ගැහැණු ළමයින් මානසිකව වට්ටන්න එපා. ගැහැණු ළමයෙක් රටකින් රටකට රැකියාවක් සදහා බොහෝ දුටර පැමිණෙන්නේ ජීවීතේ ගොඩ ගැනීමට මිස, ජීවිතය අපායක් කර ගැනීමට නොවේ. ඒ සදහා ඔවුන්ට ශක්තියක් වන්න. ඔබ සැබෑ ශ්‍රී ලාංකික පිරිමියකු නම්.

මේ මස 12 වෙනි දින මට මාගේ මවු බිමට යාමට උපකාර කල මුහීද් ජීරන් මහතාටත්, බිද්ධිකා මෙනෙවිය ටත්, ඉෂාරා නැගනිය හා තිසිත සහෝදරයා ඇතිළු මා හට උදවු උපකාර කීරීමට සහභාගි වූ සියළුම සහෝදර, සහෝදරියන් ට මාගේ ආදරණීය ස්තූතිය පුද කරමි.

ඔයාලා හැමෝටම ගොඩාක් පින්…

ටස්මා පියුමි රණසිංහ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435