ජෝන් කීල්ස් වෘත්තීය සමිති සාකච්චා සාර්ථකයි!

05 අප්‍රේල් 2014 – wedabima.lk

 

 

ජෝන් කීල්ස් හෝටල් පාලනාදිකාරිය හා ආහාර බීම දුම්කොළ කර්මාන්ත සේවක සංගමය අතර සේවක ඉල්ලීම් සම්බන්දයෙන් අප්‍රේල් 4 වැනිදා පැවති සාකච්චාව බලාපොරොත්තු තැබිය හැකි අයුරින් නිමාවී ඇති බව වාර්තාවේ .

 

පොදු වැටුප් වැඩිවීමක් ,සේවාකාලය අනුව වැටුප් වැඩිවීමක් ,සේවකයන් ස්ථිර කිරීම ,සේවා ගාස්තු තීරණය කිරීම හා සේවා ගාස්තුවලින් අඩුකිරීම් යන ප්‍රදාන කරුණු ඔස්සේ මෙම සාකච්චා පැවත්වී ඇත .

 

එහිදී සේවා ගාස්තුව සම්බන්දයෙන් වූ ඉල්ලීමට ජෝන් කීල්ස් පාලනාදිකාරිය සම්පුර්ණ වශයෙන් එකගවී ඇති අතර ඒ අනුව පළමු වසරේදී 25%,දෙවන වසරේදී 50%,තුන්වන වසරේදී 75% ක්‌ හා හතරවන වසරේදී 100%ක ගෙවීමක් කරන බව එකගවී ඇත .එමෙන්ම කැඩුම් බිදුම් සදහා සේවා ගාස්තුවෙන් අඩු කිරීමේදී රෙදිපිළි ඉන් ඉවත් කරන්නටද එකගවී ඇත .

 

වසර පහක සේවා කාලයක් ඇති සියලු සේවකයන් ස්ථිර කිරීමටද එකගත්වය පළකර ඇති අතර පොදු වැටුප් වැඩිවීම යන ඉල්ලීමට අප්‍රේල් 10 වැනිදා ප්‍රතිචාර දක්වන බව දන්වා ඇත .

 

ආහාර බීම දුම්කොළ කර්මාන්ත සේවක සංගමයේ ප්‍රකාශකයකු වැඩබිමට ප්‍රකාශ කළේ අප්‍රේල් 10 වැනිදා පොරොන්දු වූ පරිදි සාර්ථක ප්‍රතිචාර නොලැබුනොත් අප්‍රේල් 11 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බවයි .

 

එකගත්වයකට එළබෙන සේවක ඉල්ලීම් සම්බන්දයෙන් සාමුහික ගිවිසුමකට එළඹීම තම අරමුණ බවත් ඊට අදාල සාමුහික ගිවිසුමක යෝජනාවලියක් පාලනාධිකාරියට මෙන්ම හාම්පුතුන්ගේ සම්මේලනයටද ලබාදී ඇති බවත් ඒ සම්බන්දයෙන්ද යහපත් ප්‍රතිචාර දක්වනු ඇති බවත් එම ප්‍රකශකයා වැඩිදුරටත් විස්වාසය පල කළේය .

 

කීල්ස් හෝටල් අරගලයේ තොරතුරු එසැන දැනගැනීමට වැඩබිම හා රැඳී  සිටින්න !

 

සිංහල ටයිපින් නොහැකි වුවත් පහසුවෙන් සිංහල ටයිප් කිරීම සඳහා මෙම සබැදුම ට පිවිසෙන්න.  http://www.google.lk/inputtools/windows/ 

 

වැඩබිම 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (5)

  1. Kamal Mendis says:

    ඉහත සදහන් සාකච්ඡාව 2014. 08. 19 දින පැවැත්වේ.

    (0)(0)



    0



    0
  2. Kamal Mendis says:

    Aitken Spence හොටෙල් පාලන අධිකාරිය සහ Heritance අහුන්ගල්ල, Heritance මහ ගෙදර අතර වැටුප් විෂමතාවය සහ වාර්ෂික වැටුප් වැඩිවීම ඇතුළු තවත් වැදගත් කරුණු රාශියක් පිලිබදව තීරණාත්මක සාකච්ඡාවක් අහාර බීම හා දුම්කොළ සේවක සමිතියේ මෙහෙයවීම මත රාජගිරිය සේව්‍යන්ගේ සම්මේලනයේදී පැවැත්වේ. එය සාර්ථක වේවායි අපි ප්‍රර්ථනා කරන්නෙමු.

    (0)(0)



    0



    0
  3. Kamal Mendis says:

    Keells wurtheeya samithi aragalayata ' AITKEN SPENCE HERITANCE AHUNGALLA' apen suba pathum

    (0)(0)



    0



    0
  4. ලංකාවේ අනික් හෝටල් සේවකයන්ටත් සාමුහික ගිවිසුම් වලට එන්න බැරිද? - කරුණාකර පැහැදිලි කර දෙන්න!

    (0)(0)



    0



    0
  5. එකට හිටියොත් අපට ගොඩයන්න පුළුවන්, හෝටල් සේවකයෝ එකට අත්වැල් බැඳගන්න දැන් කාලේ හරි.

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435