ජෝර්දානයේ කොරෝනා අසාදිතයින් ගණන ඉහළට -රජයෙන් වැදගත් නිවේදනයක්

ජෝර්දානයේ ඊයේ(09) දිනයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයින් 06 දෙනා ඇතුළුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,252ක් දක්වා ඉහළගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මේවනවිට පුද්ගලයින් 11ක් මරණයට පත්ග්ව තිබෙන අතර සම්පූර්ණ සුවය ලැබූ පිරිස 1,187කි.

විශේෂයෙන් ජෝර්දන් රජය විසින් නිකුත්කර ඇති නියෝගවලට අනුව පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම , සෞඛ්‍යාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අනිවාර්ය කර තිබෙන අතරම යමෙක් මෙම නියෝග කඩකිරීමක් කළහොත් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවටත් ජෝර්දාන් රජය නිවේදනය කර තිබේ.

ඔබත් ජෝර්දානයේ සිටින ලාංකිකයෙකු නම් සෞඛ්‍යාරක්ෂිතව සිටින්න, හැකි සෑමවිටම කොරෝනා ව්‍යාප්තියට අදාල තොරතුරු දැනගන්න, රජයෙන් ලබා දෙන නියෝග පිළිපදින්න.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435