ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයින්ට කඳුළු ගෑස් – VIDEO

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසකට එරට පොලීසිය විසින් ඊයේ (ජුලි 27) දිනයේ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විරෝධය පළ කිරීමේ දී මෙම තත්වය ඇතිව තිබේ.

ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 500 ට ආසන්න පිරිසක් රඳවා සිටින ස්ථානයේදී එම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ එම ශ්‍රී ලාංකිකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.

ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වී මාස කිහිපයක් ගතව ඇතත් ආපසු මව්බිමට යාමට නොහැකි වී කොටුවී සිටින බවයි.

අපිට මේ රටේ මැරෙන්න බැහැ… අපිව බේර ගන්න…

අපිට මේ රටේ මැරෙන්න බැහැ… අපිව බේර ගන්න…

Posted by Vipakshaya.lk on Monday, July 27, 2020

 

මූලාශ්‍රය – ද ලීඩර්

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Abv says:

    පිටරටවල තියන ලංකාවෙ එම්බසි වල වැඩ කරන්නෙ කාලකන්නි පාහර හැත්තක්. මේ ගෑනු දුක් විදල ගන්නෙ සාමාන්‍ය වැටුප්. කොරෝනා නිසා බැට කාලා, රක්ෂාව ක් නැතිව මාස 5ක් ඉන්නව කියන්නෙ මොන තරම් පීඩනය ක් ද. එහෙම තියෙද්දි කදුලු ගෑස් ගහන්න තරම් පාහරයෝ මුන්.

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435