ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ට එරෙහිව කූට වැඩපිළිවෙලක්!

ටෙලිකොම් ආයතනයේ සේවය කරනු ලබන මෑන් පවර් සේවකයින් ටෙලිකොම් ආයතනය තුළ සේවය ස්ථීර නොකොට අදාළ මෑන් පවර් සමාගම තුළම සේවය ස්ථීර කිරීමේ කූට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය පවසයි.

මෑන් පවර් නූතන වහල් සේවා ක්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුතු බවට වෘත්තීය සමිති විසින් ගෙන ගිය අරගලය හේතුවෙන් එහි සේවකයින් මුලා කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇති බව එම සංගමයේ සභාපති ජේ.බී ගුරුසිංහ මහතා කියා සිටියි.

ඒ අනුව ඊයේ දිනයේ (26)ටෙලිකොම් සමාගමේ සේවයේ නියුතු මෑන් පවර් සමගාම් හරහා සේවය කරනු ලබන සේවකයින් 500 දෙනෙකුට අදාළ මෑන්පවර් සමාගමේම ස්ථීර සේවකයින් ලෙස පත්වීම් ලබාදී ඇති බවත්, සේවකයින් නොමග යවමින් රැවටීමට ලක්කරමින් මීට පෙරාතුවද අවස්ථා කිහිපයකදී මෙවැනි කූඨ ව්‍යාපෘති ක්‍රියාවට නැංවුණු බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම ව්‍යාජ පත්වීම් ලබාදීමට සමගාමීව ඊට එරෙහිව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියක් කළ බව ගුරුසිංහ මහතා සිහිපත් කළේය.

මෑන්පවර් සේවකයින්ගේ සේවය තුට්ටු දෙකට සූරාකෑමට එරෙහිවත්, වසර ගණනාවක් තිස්සේ ටෙලිකොම් ආයතනයට සේවය සපයා ඇති මොවුන් ගේ සේවය ටෙලිකොම් ආයතනයේ සේවකයින් ලෙස ස්ථීර කළ යුතුව බවට බලකරමින්, මෑන්පවර් සමාගම් ඉවත් කළ යුතු බවටත් අවධාරණය කරමින් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුවන බව ඔහු සඳහන් කළේය.

ඒ සඳහා යම් ප්‍රවේශයක් ලබාගනිමින් එළඹෙන අඟහරුවාදා දිනයේ මාධ්‍ය හමුවක් කැඳවා සිදුවෙමින් පවත්නා කූඨ ව්‍යාපෘතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත්, ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බවත් ගුරුසිංහ මහතා වැඩබිමට වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435