ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ ගැටළු විසඳීමට සංවිධානගතවීම අවශ්‍යයයි

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ‘ ඩිජිටල් මාධ්‍යවේදීන් සංවිධානගත කිරීමේ’ වැඩමුළුවක් පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිවේදනයක් නිකුත් කරන තිබේ.

එම නිවේදනයේ දැක්වෙන පරිදි එම වැඩමුළුව ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙබ්, බ්ලෝග්, යුටියුබ්,මුහුණ් පොත වැනි විවිධ අන්තර්ජාල මාධ්‍යයන්හි ක්‍රියාකාරි  මාධ්‍යවේදීන් රැසක් මෙම වැඩමුළුවට සහභාගි වි ඇති අතර, ‘ ඩිජිටල් මාධ්‍ය’ පිළිබඳ කුඩා පරිමාණ අධ්‍යයනයක් නමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ  සංවිධානය සමඟ ඒකාබද්ධව පැවැත්වු සමික්ෂණ වාර්තාවේ අඩංගු නිර්දේශ පදනම කොට ගෙන මෙම වැඩ මුලුව සංවිධානය කොට තිබුනි.

මෙම වැඩ මුළුවට සම්පත්දායකයින් වශයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත, ලේකම් ලසන්ත ද සිල්වා, භාණ්ඩාගාරික තාහා මුසාම්මිල් සහ විධායක සභික නීතිඥ  ජගත් ලියනආරච්චි සහ පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරි කමල් ලියනආරච්චි යන මහත්වරුන් සහභාගි වු අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ධනේෂි යටවර මෙනවිය විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවාය.

මෙම වැඩ මුළුවේ පළමු දින ප්‍රථම සැසිවාරය වුයේ ‘ ඩිජිටල් මාධ්‍ය හා නීතිය’ නම් වු අතර දෙවන සැසිවාරය වුයේ දැනට ඩිජිටල් මාධ්‍යවේදීන් මුහුණු අභියෝග හා එම අභියෝග වලට මුහුණ දෙන ආකාරය පිළිබඳ විවෘත සංවාදයයි.

මෙම වැඩමුළුවේදි ඩිජිටල් මාධ්‍යවේදීන් විසින් සිය වෘත්තීය කටයුතු කිරීමේදී මුහුණ දෙන විවිධ ගැටළු සාකච්ඡාවට භාජනය කරන ලද අතර එම ගැටළු නිරාකරණය කර ගැනීම පිණිස වහාම ගත යුතු පියවරක් වශයෙන් සංවිධානගතවිමේ අවශ්‍යතාවය පිළි ගන්නා ලදි. දෙවන දිනයේ ප්‍රථම සැසිය ‘මාධ්‍ය ආචාර ධර්ම හා ඩිජිටල් මාධ්‍ය’ පිළිබඳ දැනුවත් කිරීම සිදුවිය. දිනයේ දෙවන සැසිය ‘ ඉදිරි ක්‍රියාමාර්ග හඳුනා ගැනීම’ සදහා වෙන් විය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435