ඩුබායිහි සේවය කළ කත මරා අධි ශීතකරණයේ හංගලා

ඩුබායි හි වසර 37 ක් ගෘහ සේවිකාව ලෙස සේවය කළ 60 හැවිරිදි එක්දරු මවක් ඇය ඩුබායිහි කුලියට සිටි නිවසේදී ඝාතනය කර එහි අධිශීතකරණයක් තුළ බහා දේහය සැඟවීමේ සිද්ධියක් පිළිබඳව මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ගොඞ්ප‍්‍රි කුරේ මහතා හමුවේ මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ පැවැති මරණ පරීක්‍ෂණයකදී අනාවරණය විය.

මෙලෙස කුරිරු ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගම්පහ වලව්වත්තේ අංක. 313/47 දරණ නිවසේ පදිංචිව සිටි කළුවාදේවගේ ශ‍්‍රීයා කුමුදුනී (60) නමැති එක්දරු මවයි. මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ කරුණු අනුව මියගිය තැනැත්තිය ඩුබායිහි ගෘහ සේවිකාවක් වශයෙන් එරටට ගොස් ඇත්තේ වසර 37 කට පෙරය. ඇය විටින් විට තම මව්බිමට පැමිණ ඇත. ඇය සේවය කොට උපයාගත් මුදලින් අරාබි ජාතිකයකුගේ නිවසක් කුලියට ගෙන එහි රැඳී සිට ඇත.

මෙහිදී වැඩබලන මහෙස්ත‍්‍රාත් ගොඩ්ප‍්‍රි කුරේ මහතා හමුවේ මියගිය තැනැත්තියගේ එකම පුතු වන ගම්පහ වලව්වත්තේ පදිංචි කේ. චමින්ද පෙරේරා (37) යන අය මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් මියගිය තම මව

වසර 37 ක් ඩුබායි හි  ගෘහසේවිකාවක ලෙස කටයුතු කර දුකසේ උපයාගත් මුදලින් අරාබි ජාතිකයකුගේ නිවසක් කුලියට ගෙන එහි පදිංචිව සිටි බව පැවසීය.

තම මව ඩුබායි හි සිට නිතර තමාව දුරකථනයෙන් අමතන බවත් එහෙත් පසුගිය අගෝස්තු මස සිට තමාට තම මවගෙන් දුරකථන ඇමතුම් නොලද බවත් ඔහු පැවසීය.

එයට හේතු තමා විසින් සොයා බැලීමේදී කිසිවකු නිර්නාමික දුරකථන පණිවුඩයක් මගින් තමාගේ මව ඝාතනය කර ඇයගේ දේහය අධි ශීතකරණයක රඳවා තිබෙන බවට දැනුම් දුන් බවත් පසුව ඩුබායිහි පොලිසිය පැමිණ එම ඝාතනය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ බවත් පැවසීය.

පසුව මෙම තත්ත්වය ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දීමෙන් අනතුරුව තම මවගේ මෘත ශරීරය 2019 නොවැම්බර් මස 27 වැනිදා ගුවන් මගින් ශ‍්‍රී ලංකාවට එවා තිබූ බවත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ගොඩ්ප‍්‍රි කුරේ මහතා එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා එහි වාර්තාව මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව මියගිය තැනැත්තියගේ සිරුර භූමිදානය කිරීම සඳහා ඇගේ පුතු වන කේ. චමින්ද පෙරේරා (37) යන අයට භාර දෙන ලෙසටත් තවදුරටත් නියෝග කළේය.

මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ගොඩ්ප‍්‍රි කුරේ මහතා

මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මියගිය තැනැත්තියගේ සිරුර පරීක්‍ෂා කළ අවස්ථාවේ ඇගේ බෙල්ලේ සිට යටි බඩ දක්වා කපා පසුව මසා ඇති බවත් ඇගේ දෑත්වල කැපුම් තුවාල දක්නට ලැබුණ බවත් ඇගේ පියයුරු තැළී කළු පැහැ ගැන්වී තිබෙන බවත් නිරීක්‍ෂණය කර තිබිණි.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435