ඩුබායි රාජ්‍ය සේවයකයින්ට නව සේවා කාල සටහනක්

ඩුබායි රජයේ සියලුම ආයතන වල නම්‍යශීලී වැඩ කිරීමේ පද්ධතිය අගෝස්තු 16 වන ඉරිදා සිට ක්‍රියාත්මක කරන බව ඩුබායි රජයේ මානව සම්පත් දෙපාර්තමේන්තුව (DGHR) සෙනසුරාදා නිවේදනය කර ඇත.

සේවකයින්ගේ ඵළදායිතාවය  ඉහළ නැංවීම සහ ඔවුන්ගේ සතුට වැඩි කිරීම මෙම අරමුණින් මෙම ක්‍රමය ඩුබායි හි උපායමාර්ගික කටයුතු කවුන්සිලය මගින් හඳුන්වා දී ඇත.

මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා නිකුත් කරන ලද චක්‍රලේඛයකින් මගින්, උදේ 6: 30 සිට පෙ.ව. 8.30 දක්වා නම්‍යශීලී වැඩකරන වේලාවන් තීරණය කර ඇති අතර, රාජ්‍ය සේවකයා විසින් තම ආයතනය විසින් තීරණය කරනු ලබන නිල සේවා කාලය සම්පූර්ණ කළ යුතුය.

මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල්ලා අලි බින් සෙයිද් අල් ෆලාසි පවසන පරිදි, උදේ කාලයේ හෝ රැකියා අවසන් කරන අවස්ථාවන්හි රථවාහන තදබදය අඩු කිරීමට අමතරව, රැකියාව කාර්යක්ෂමව ඉටු කර ගැනීමට අමතරව, සේවයට වාර්තා කිරීම් ප්‍රමාදය අවම කිරීමහා  විශේෂයෙන් හදිසි කාලගුණික තත්ත්වයන් තුළ සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම අරමුණින් මෙම තීරණය ගත් පව පැවසීය.

ගල්ෆ් නිව්ස්

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435