ඩුබායි හා කටාර්හිදී සියදිවි නසා ගත් දෙදෙනෙකුගේ මෘත ශරීර කටුනායකට

ඩුබායි හා කටාර් රාජ්‍යවල සේවය කරමින් සිටියදී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගත් යැයි සැලකෙන දෙදෙනෙකුගේ මෘත ශරීර පසුගිය 23 වෙනි දින කටුනායක ගුවන්තොටුපළට රැගෙන විත් තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ බටහිර කොකුවිල් යාපායේ පදිංචි නාගරත්නම් ප්‍රදීබන් (39) යන අය හා උඩුහේන් තැන්න ප්‍රදේශයේ පදිංචි රාධ ක්‍රිෂ්ණන් මුත්තු විජය (43) යන අයයි.

ඔවුන්ගේ සිරුරු කටුනායක ගුවන් තොටුපළින් මීගමුව රෝහල වෙත භාරදී ඇති බවත් සඳහන්.

මීගමුව රෝහලේ සහ මීගමුව නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය සිරි ජයන්ත මහතා පශ්චාත් අධිකරණ වාර්තා සලකා බලා ගෙල වැලලාගැනීම නිසා සිදුවූ හුස්ම හිරවීමෙන් මෙම මරණ සිදුව ඇති බවට තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435