තරුණ නාවිකයින්ට නායකත්ව පුහුණුවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිතියක් වන ජාත්‍යන්තර මුහුදු නාවිකයන්ගේ සංගමයේ වෘත්තිය සමිති තරුණ නායකයින් පුහුණු කිරීමේ දෙදිනි වැඩමුළුවක් පසුගියදා පවත්වනු ලැබීය.

එම වැඩමුළුවේදී පළමු දිනයේදී  සාකච්ඡාවට බඳුවන් වූ කරුණ වූයේ, කම්කරු අයිතීන්,කම්කරු නීති, හා සාමූහික කෙවල් කිරීම් හා කම්කරුවන්ගේ වගකීම් හා යුතුකම් පිළිබඳවත්, සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ලබාගැනීම, ණය මුදලක් ලබාගන්නේ කෙසේද, එහි වැදගත් කම පිළිබඳ කරුණ සාකච්ඡා කෙරෙණි.

වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය හා එහි නායකත්වය සඳහා දෙවන පෙළ තරුණ නායකත්වයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය, අර්බුදයකදී එය කළමණාකරනය කරගැනීම, හා ඉලක්කයන් වෙත ළඟාවන්නේ කෙසේද යන්න හා වෘත්තිය සමිතියක තම සාමාජිකයන් සමග හා වෙනත් කටයුතු වලදී කෙසේද සන්නිවේදනය කටයුතු කළයුත්තේ පිළිබඳව දෙවන දිනයේදී සාකච්ඡා කරන ලදී.

මෙම වඩමුළුව සඳහා කම්කරු කොමසාරිස්(මානව සංවර්ධන), ඩී. පී. කේ. ආර්. විරකෝන් මහතා, මීගමුව දිස්ත්‍රික් කම්කරු දෙපාර්තමේන්තුවේ, සහකාර කම්කරු කොමසාරිස් පී. ඒ. එස්. සී. පතිරාජ මහතා, කම්කරු දෙපරේතමේන්තුවේ, පඩිපාලක සභාවේ ලේකම්, එච්. ජී. වසන්ත ගුණවර්ධන මහතා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂෝන් ස්ටීවන් යන මහත්වරන් මෙම වැඩමුළුවේ දේශකයන් හා පුහුණුකරුවන් වශයෙන් තම දායකත්වය ලබාදෙන ලදි.

මෙම වැඩසටහන් මෙහෙය වන ලද්දේ, කොළඹ, සහයෝගිතා මධ්‍යස්ථානයේ එම්. ෆයිසර් මහතා හා පී. යෝගීස්වරී මහත්මිය විසිනි.

වැඩබිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435