තවත් ගුරු පත්වීම් 4286ක් ලබන මසදී

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත 2015‍/2017 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගනු ලැබූ ගුරු සිසුන් විසින් තුන් අවුරුදු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු   2019 අගෝස්තු 01 දින නිකුත් කරන ලද විභාග ප්‍රථීඵල  මත 4,286 දෙනෙකු‍ට ලබන මාසයේදී ගුරු පත්වීම් ලබා දීම‍‍ට අධ‍‍්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙවර පත්වීම් ලබන පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් ජාතික පාසල්වල  ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා යොදා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම පත්වීම් පිරිනැමීම සඳහා පළාත් නවයේම ජාතික පාසල්වල  සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වාර්තා ලබා ගෙන ඇත.

එම වාර්තා අනුව පවතින පුරප්පාඩු සංඛ්‍යාව 3,748කි.

මෙම පුරප්පාඩු සංඛ්‍යාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉතිරිය පළාත් පාසල්වලට පත් කිරීම සඳහා පළාත් සභා වෙත යොමු කිරීමටද  නියමිතය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435