තහනම් නියෝගයක් ගැන දන්නේ නැහැ වර්ජනය අදත් තියනවා

28 November 2013 – wedabima.lk

හෙද පරිපුරක සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කර ඇති බව හෙද පරිපුරක අතුරු වෛද්‍ය වෘත්තිය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි. හෙට උදෑසන 07 දක්වා මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසුවේය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ(27) උදෑසන 7.00ට ආරම්භ වූ එඅ වැඩ වර්ජනයට එරෙහිව රෝගියෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය වර්ජනය අත්හිටුවීම සඳහා තහනම් නියෝගයක් ඊයේ දහවල් නිකුත් කරනු ලැබුවේය.

තහනම් නියෝගයක් නිකුත් කල පසු වර්ජනය අත් හිටුවිය යුතු අතර නමුත් එවැනි නියෝගයක් පිළිබඳව තමන් මෙතෙක් දැනුවත්වී නොමැති බව හෙද පරිපුරක අතුරු වෛද්‍ය වෘත්තිය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
එම නිසා තීරණය කල පරිදි දින දෙකක වැඩ වර්ජනය එලෙසම ක්‍රියාත්මක බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මුලාශ‍්‍රය – mawbima.lk

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435