තැපැල් කාර්යාල සෙනසුරාදා වසා දැමීමට අමත්‍ය මණ්ඩල තීරණක්

2020. 06 10 දින රැස්වූ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  ගන්නා ලද තීන්දුවක් වශයෙන් සෙනසුරාදා  දින තැපැල් කාර්යාල වසා දැමීමට තීරණය කර ඇති බව දැන ගන්නට ලැබී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසයි.

මෙම තීරණයට විරෝධය පළකරන එම පෙරමුණ, මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ, (11) දින රැස්වන වෘත්තීය සමිති පෙරමුණට අදාල වෘත්තීය සමිති සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම කටයුතු කරණු බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    තැපෑල සෙනසුරාදා විවෘත කිරීම මෑත කාලයේ සිදු වූවක් නොව ඉතාම ඈත කාලයේ පංණිවුඩ හුවමාරුවේ අත්‍යවශ්‍යතාවය පසක් කර ගෙන එදා සිටි වෘත්තීය සමිති එකඟතාවයෙන් දින 6ක වැඩ සතියක් වූ ප්‍රතිපත්තිමය තීන්දුවකි. සෙනසුරාදා දින තැපෑල භාවිත කරන පාරිභෝගිකයන් විවිශේෂ කොට සැළකිය හැක. ඒ වැඩ කරන ජනතාවයි. මෙම තීරණය අනුව තැපැල් සේවකයන්ගේ ඉදිරිපෙළ මෙහෙයුම් කාර්ය මණ්ඩලය සිය අප්‍රතිහත කැපවීම මතින් ගොඩනැගූ සමස්ත තැපෑලේ ප්‍රතිරූපය බිඳවැාටන අතරම, නැවත ගොඩනැගිය නොහැකි ලෙස ගිලී යයි. අති විශාල කූරියර් සමාගම් රාශියක් තැපෑල ගිලගැනීමට අර අඳින මෙම සමයේ මේ තීන්දුව තැපෑල විකිණීමේ පෙරමග ලකුණක්දදෝහෝ කුකුසක් ඇත.. පරිපාලනයේ ඔඩොක්කුවේ නැළවෙන ප්‍රහල වෘත්තීය සමිති නායකත්වය මෙම තත්ත්වයට සෘජුවම වගකිවයුතු බව සේවක අදහස වේ.

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435