තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට අවස්ථාවක්

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය  සළකුණු කිරිම හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන  ලද තාවකාලික හැඳුනුම්පත යන පිළිගන්නා වූ හැඳුනුම්පතක් සියලුම තැපැල් ඡන්ද දායකයින් විසින් භාවිතා කළ යුතු  බව මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කර සිටියි.

ඒ අනුව, ඉහත සඳහන් කිසිඳු හැඳුනුම්පතක් හෝ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් වන රාජකාරි හැඳුනුම්පත හෝ  නොමැති කිසිවෙකුට තම අනන්‍යතාවය සනාථ කළ නොහැකි බැවින් තැපෑලෙන් ඡන්ද ප්‍රකාශ කිරීමේ දී වුව ද  ඡන්දදායකයෙකු ලෙස සලකා කටයුතු නොකළ යුතු බවත්, රාජකාරි හැඳුනුම්පත තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා  පිළිගනු ලැබුව ද පසුගිය ඡන්ද විමසීම් වලින් පසුව ඒ සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම  ඡන්ද විමසීමේ දී තැපැල් ඡන්දදායකයෙකු රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නම් එම තැපැල් ඡන්දදායකයා  හඳුනාගැනීම හෙවත් අනන්‍යතාවය පරික්ෂා කිරීම, සහතික කිරීමේ නිළධාරී කාර්යයාල වල කටයුතු අධීක්ෂණයට  තේරීම්භාර නිළධාරීන් විසින් පත්කොට ඇති නිළධරයා විසින් සිදු කළ යුතු වන බවත්, එසේ නොවන අවස්ථාවල  රාජකාරි හැඳුනුම්පතට තැපැල් ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවත්, තැපැල් ඡන්ද  නිරීක්ෂණ කටයුතු සඳහා යොදවන සහකාර තේරීම්භාර නිළධාරීන්/ වෙනත් නිළධාරීන් මඟින් තැපැල් ඡන්ද කටයුතු  ආරම්භ කිරීමට පෙර සහතික කිරීමේ නිළධාරීන් දැනුවත් කිරීමට පියවර ගත යුතු බවත් නිවේදනයෙන් කියැවෙයි.

එමෙන් ම තැපැල් ඡන්දය පැවැත්වෙන සේවා ස්ථාන තුළ කිසිදු ආකරයක ඡායාරූපගත කිරීමක් හෝ වීඩියෝ ගත කිරීමක් සිදු කිරීමට අවසර නොමැති අතර එය කිසි ලෙසකින් සමාජ ජාල වෙත මුදා හැරීම සිදු නොකළ යුතු බවද එය නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435