
බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මීට පෙර එළඹි එකඟතා ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
වෘත්තීය සමිතිගත් තීරණයට අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද (22) මැදියම දක්වා ක්‍රියාත්මක කරන බවයි තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා ප්රකාශකරන්නේ.
තැපැල් සේවකයින්ගේ මෙම ගැටළු සම්බන්ධයෙන් අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂිතයි.
වැඩබිම