තැපැල් වර්ජනය අවසන්

ඉල්ලීම් කීපයක් මුල්කරගෙන හුවමාරුවේ සේවකයින් විසින් දින දෙකක් තිස්සේ (17 සහ 18) ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර අද (19) සිට සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යාමට තීරණය කළ බව තැපැල් සේවක වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

සිය ඉල්ලීම් 5 කට විසඳුම් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදීම හේතුවෙන් වැඩ වර්ජනය අත්හිටුවා ගොඩ ගැසී තිබූ ලිපි හා පාර්සල් ලක්ෂ 2 ක් පමණ ඊයේ රාත්‍රී තැපැල් දුම්රිය මගින් පිට පළාත්වලට බෙදාහැරි බවද හෙතෙම සඳහන් කළේය.

පිට පළාත්වල තැපැල් කාර්යාලවල ගොඩ ගැසී තිබෙන ලිපි හා පාර්සල් ලක්ෂ 15 ක් පමණ අද බෙදාහැරීමට පියවර ගන්නා බවද කටුනායක ගුවන් තොටුපළ තැපැල් අංශයේ ගොඩ ගැසී තිබූ විදෙස් පාර්සල් ලොරි දෙකක පටවා මධ්‍යම තැපැල් හුවමාරුව වෙත රැගෙනවිත් බෙදාහැරීමට පියවර ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපල තැපැල් අංශයේ ගොඩ ගැසී තිබූ විදෙස් ලිපි හා පාර්සල් ලොරි දෙකක පටවා මධ්‍යම තැපැල් හුවමාරුව වෙත රැගෙනවිත් බෙදාදීමට පියවර ගත් බවද ඔහු කීවේය.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435