තැපැල් සේවකයාගේ කැමැත්තෙන් තොරව වැටුප කපා ගැනීම නීති විරෝධියි

සමස්ත තැපැල් සේවකයින්ගෙන්ම නීතී විරෝධී ලෙස කපාගත් මුදල් නැවත ලබාදෙන ලෙසත් යම් අරමුදලකට මුදල් රැස් කරන්නේ නම් එය නිසි ක්‍රමවේදයකට අනුව සිදුකරගන්නා ලෙසත් දන්වමින්  ලංකා තැපැල් සේවා සංගමය විසින් නියෝජ්‍ය තැපැල්පතිවරයා වෙත ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

ඔබතුමාගේ 10/04/1337/2020 හා 2020/05/15 දින දරන ලිපිය හා බැඳේ.

ඔබතුමා විසින් එවන ලද ලිපිය මගින් කෝවිඩ් – 19 නමැති අරමුදලටකට සේවකයින්ගෙන් කැමැත්ත ගැනීමෙන් තොරව අප්‍රේල් මස වැටුපෙන් මුදල් කපාගෙන ඇති බව සනාත වේ.

මෙයින් සිදුවී ඇත්තේ ඇතැම් සංගම්වල එකඟතාවය ලබාගනිමින් වුවද නීති විරෝධී ක්‍රියාවක් සිදුවීමයි. එම නීති විරෝධී ක්‍රියාවට අප සංගමයේ විරෝධය පලකර සිටිමු. මෙම අත්තනෝමතික ක්‍රියාවට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරමින් සිටින බව දන්වා සිටිමු.

අප සංගමයේ සාමාජික නාම ලේඛනය ඔබතුමන් වෙත එවීමෙන් කැමැත්ත දීමකින් තොරව වැටුප් පතින් මුදල් කපා ගැනීමේ නීති විරෝධී ක්‍රියාව නීත්‍යානුකූලවන්නේ නැත. එම නිසා සාමාජික නාම ලේඛනයක් ලබාදෙන්නේ නැති බව මෙයින් දන්වමු.

අප සංගමයේ සාමාජිකයින්ගෙන් පමණක් නොව සමස්ත තැපැල් සේවකයින්ගෙන්ම නීතී විරෝධී ලෙස කපාගත් මුදල් නැවත ලබාදෙන ලෙසත් යම් අරමුදලකට මුදල් රැස් කරන්නේ නම් නිසි ක්‍රමවේදයකට අනුව සිදුකරගන්නා ලෙසත් දන්වා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435