තැපැල් සේවක ගැටළුවට කැබිනට්ටුවේදීත් විසඳුමක් නොලැබෙයි

තැපැල් සේවක ගැටළු විසඳීමට අදාළ කැබිනට් සංදේශය ඉකුත් සිකුරාදා (19)  පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබුණද ඊට නිශ්චිත විසඳුමක් ලැබී නැතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්   ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර  අදාළ කැබිනට් සංදේශ ඉදිරිපත් කරන ලද්දේ තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු  අමාත්‍ය  අබ්දුල් හලීම් මහතා විසිනි.

මුදල් ඇමැතිවරයා  එදින  කැබිනට් රැස්වීමට සහභාගී නොවුන බවද වාර්තා වේ.

ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයාත්  එකට වාඩි වී මේ ප්‍රශ්නය විසඳිමට පියවර ගත යුතු  යැයි එහිදී රාජිත සේනාරත්න පාඨලී චම්පික රණවක යන  ඇමැතිවරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකු  එහිදී ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට ඇත.  කෙසේ වූවද අදාළ ගැටළුව සම්බන්ධයෙන් විසඳුමක් එහිදී නොලැබුණු බවද  වාර්තාවේ.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435