තැපෑලත් වර්ජනයට එක්වෙයිද? වැඩි වැටුප් ඉල්ලා නෙවෙයි

දිවයිනේ තැපැල් කාර්යාලවල අන්තර්ජාල පද්ධතිය අක්‍රීයව පැවතීම හේතුවෙන් තැපැල් සේවා කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි.  දින පහක සිට මෙම අන්තර්ජාල පද්ධතිය අක්‍රීයව පවතින බවත්, ඒ හේතුවෙන් ගැටළු රැසක් පැන නැඟී ඇති බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ  කැඳවුම්කරු කේ. එම්. චින්තක බණ්ඩාර මහතා පවසයි.

මේ වනවිට  දිවයින පුරා තැපැල් කාර්යාල 653ක හා උප තැපැල් කාර්යාල 3410ක පරිගණක පද්ධතිය හරහා සිදුවන සේවාවන්ට බාධා එල්ල වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් විසඳුමක් ලබාදී නොමැති බව කේ. එම්. චින්තක බණ්ඩාර මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත් ඉදිරි දින දෙක තුළ ගැටළුව සඳහා විසඳුමක් ලබාදීමට බලධාරින් කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව  ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435