තෙල් සංස්ථා සේවකයින් යළිත් වර්ජනයකට අර අදියි

ඛණිජ තෙල් සංස්ථා සේවකයින් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉකුත් අප්‍රේල් මස දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වූහ.

වැඩ වර්ජනය සම්බන්ධයෙන් බලධාරීන් හා කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස එකඟවු කරුණු නිසා වර්ජනය අත්හිටුවීමට ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ලදී.

නමුත් බලධාරීන් විසින් ලබා දුන් පොරොන්දු කෙරෙහි මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අත්හිටවූ වර්ජනය නුදුරු දිනයකදීම යළිත් පවත්වන බවට වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සදහන් කරයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම සම්බන්ධයෙන් මේවනවිටත් රජය දැනුවත්කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ කෙටි දැනුම්දීමකින් අනතුරුව වැඩ වර්ජනය ආරම්භ කරන බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435