‘තොරතුරු දැනගැනීමේ පනත – ජයග්‍රහණ සහ අභියෝග’ විවෘත සාකච්ඡාවක්

2020 සැප්තැම්බර් මස 28 වැනිදාට යෙදෙන අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන විවෘත සාකච්ඡාවක් 2020 සැප්තැම්බර් 28 වැනි සඳුදා සවස 3. 00 ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

‘තොරතුරු දැනගැනීමේ පනත – ජයග්‍රහණ සහ අභියෝග’ යන තේමාව යටතේ  එම සාකච්ඡාව  පැවැත්වේ. ‌නීතිඥ අස්විනී නටේසන් වීරබාහු විසින්, තොරතුරු කොමිසමේ තීරණ සම්බන්ධයෙන් කළ අධ්‍යයනයක ප්‍රතිඵල ඉදිරිපත් කිරීමක් සහ  තොරතුරු පනත භාවිතා කරමින් කළ වාර්තාකරණයන් සම්බන්ධයෙන් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, එස් සිවකුමරන් සහ ඉඳුනිල් උස්ගොඩආරච්චි යන මාධ්‍යවේදීන් තිදෙනාගේ අත්දැකීම් ඉදිරිපත් කිරීමක් මූලික වශයෙන් සිදුවේ.

විවෘත  සංවාදය සඳහා ‌තොරතුරු පනත ගැන උනන්දු මාධ්‍යවේදීන් ද එක්වන මෙම සාකච්ඡාවට තොරතුරු පනත ගැන උනන්දු සියලු දෙනාට ආරාධනා කෙරේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435