දකුණු කොරියාවේ ගැටුමකින් ලාංකිකයෙකු මරුට

ඔබටත් ජීවිතේ යම් දවසක මේ ඉවසීමේ අන්තයයැයි සිතෙන්නට ඇති. ඉවසීමේ සීමා පවුරු බිඳගෙන ක්‍රෝධය වෛයිරය ස්මතු වන්නට ඇති. එහෙත් ඔබ ඒ අවස්ථාව කළමනාකරණය කරගෙන ඔබේ සිතේ ආවේගය පාළනය කරගෙන තිබෙනවා. එනිසා ඔබ අද මේ ලියවිල්ල සිපිරිගෙදරක නොයිද කියවන්න වාසනාවන්ත වනවා. ඊයේ සිද්ධියට අදාල පුද්ගලයන් ඉවසීම ප්‍රගුණකොට තිබූ අයවලුන් වූවානම් අද අපි මේ ලියවිල්ල මෙලෙස නොලියනවා ඇති.

මව්බිමේ සිටියදීනම් ආරවුල් හදාගන්නට මිනිසුන්ට ඕනෑවටත් වඩා මාතෘකා තිබෙනවා. දේපළ ප්‍රෂ්න,පෙම් පලහිලව්,අනියම් සබඳතා, ජාතිවාදී ආගම් වර්ගවාදී කෝලාහල, දේශපාලන පළිගැනීම්, ව්‍යාපාරික ආරවුල් ආදී එකී නොකී බොහෝ කාරණා මත මිනිස්සු ආරවුල් නිර්මාණය කරගන්නවා.

එහෙත් මිත්‍රවරුනි උත්සාහ කරන දහසක් දෙනා අතුරින් එකෙක් දෙන්නෙක් පමණක් පාතබන්නට වාසනාව ලබන කොරියාවට පැමිණ සිටියදී කුමක් බෙදාගන්නට නොහැකිව මිනීමරා ගන්නවාද..?

ඉහවහාගිය නොහික්මුනු මුග්ධත්වය හැරුණුකොට ඊට බලපාන වෙනත් කවරනම් හේතුවක් ඔබට සිතාගැනීමට හැකිද..?

එකෙකු ජීවන ගමන තොරකර ගනිද්දී තවෙකෙකු සිපිරිගෙදරක උරුමය ලබනු ඇත.
එම පෞද්ගලික සිද්ධීන් හැරුණුකොට සමස්ථ ශ්‍රී ලාංකිකත්වය කෙරෙහි යම් අවරගනයේ ගෝත්‍රික ප්‍රතිරූපයක් කොරියාව තුළ නිර්මාණය වීමට මෙවන් අපරාධ සෘජුවම බලපානු ඇත.

“ශ්‍රී ලාංකියන්ට ඇති කොරියාවේ රැකියා” යනු ලාංකීය ආර්ථිකයට සැළකිය යුතු දායකත්වයක් සපයන සහ සුවහසක් අපේ පංතියේ උත්සාහවන්ත මිනිසුන්ගේ ජීවිත එලිය කරන ව්‍යාපෘතියකි.

එය යම් ප්‍රමාණයකට හෝ හැකිලී අවමවීම මහා ඛේදවාචකයකි.

දිගින් දිගටම මෙවැනි මිනීමැරුම් සියදිවි හානිකර ගැනීම් සිදුවෙමින් යන වාතාවරණයට සාපේක්ෂව අපට රැහැනි කොරියානු මහා සමාජයේ නිර්මාණය වන කතිකාවත නරක එකක් වනු ඇත. සේවාගිවිසුම් ලැබීම යනු රටක් ලෙස කොරියාව සමඟ ඇති ගනුදෙනුවේ වැදගත්ම කොටසයි. එය අවමවීමට මෙවැනි නොහික්මුණු අශිෂ්ඨ සිද්ධීන් තීරණාත්මකව බලපානු ඇත.

මෙවන් සිදුවීම් ඇති නොවීමට යෝජනා ඉදිරිපත් කිරීමට මෙම ලියවිල්ලේ ඉඩ වෙන්කිරීමට අදහසක් නැතත් නොහික්මුනු මුග්ධ මිතුරන් සමඟ ලඟ ඇසුර වහාම නවතා දැමීම පෞද්ගලිකව ඔබටත් රටටත් සුබදායී වනු ඇතිබව පමණක් සටහන් කොට තබමු.

දකුණු කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය වී ඇත. ඒ පිළිබඳව  කොරියා ලංකා සංසදය මුහුණ පොතේ තැබූ සටහනයි මේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435