දකුණු කොරියාවේ යළිත් කොරෝනා අවදානමක් – ප්‍රවේශමෙන් සිටින්න!

කොවිඩ් -19 ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ ම දකුණු කොරියාවේ සෝල් අගනුවර සහ ඒ අවට පිහිටි කෞතුකාගාර, රාත්‍රී සමාජ ශාලා සහ කැරෝකේ ශාලා වසා දැමීමට එරට බලධාරීන් ක්‍රියාකර තිබේ.

පසුගිය දින කිහිපය පුරා කොවිඩ් ආසාදිතයින් 100කට අධික ගණනක් බැගින් දෛනිකව වාර්තාවීමත් සමගම නැවත වරක් එරට තුළ කොවිඩ් වසංගතය පැතිරේ යැයි බලධාරීන් බිය පළ කරයි.

සති ගණනාවක් පුරා එරටින් හමු වූ දෛනික රෝගීන් ගණන 40 සීමාවේ රඳවා ගැනීමට දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් සමත් විය.

ඊයේ (18) ආසාදිතයින් 246ක් හමු වී ඇති අතර ඉන් බහුතරය දේවස්ථානයකට සම්බන්ධ ය.

එරටින් මේ දක්වා හමුවී කොවිඩ් -19 රෝගීන් ගණන 15,761කි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435