දකුණු කොරියාවේ ලාංකිකයන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්

දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව තමන් සමීප ලෙස අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරමින් සිටින්නේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

තානාපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන දුරකතන දැනට පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලාංකික ප්‍රජාවේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක් ද ක්‍රියාත්මක කර ඇත.

මේ සඳහා සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් පිහිටුවා ඇති අතර, මෙම දූත මණ්ඩලය ශ්‍රී ලාංකික විහාරස්ථාන, ප්‍රජා නායකයින් සහ අදාළ අනෙකුත් සියලු දෙනා සමඟ සම්බන්ධ වී සිටින බවද විදේශ අමාත්‍යාංශය කියයි.

තානාපති කාර්යාලයේ පොදු දුරකතන අංක වන (0082) -2-735-2966, (0082) -2-735-2967, (0082) -2-794-2968 හෝ සසංගා නිකපිටිය, පළමු ලේකම් – (0082) -10-7222-1352 හෝ සෙනරත් යාපා, උපදේශක (රැකියා හා සුභසාධන) – (0082) -10-3389-2227 හෝ නිලන්ති පැලවත්තගේ, දෙවැනි ලේකම් – (0082) -10-4084-0855 හෝ සමන්තා සේනායක, තෙවැනි ලේකම් (රැකියා හා සුභසාධන) – (0082) -10-7499-2966 යන අංක අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

දකුණු කොරියාවේ ඩේගු නගරයේ  කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ ගියද මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම වෛරස ආසාදනයට ගොදුරු වී නොමැති බවද විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

මේ වනවිට සංක්‍රමණික  කම්කරුවන් මෙන්ම සිසුන් ද ඇතුළුව ශ්‍රී ලාංකිකයන් 20,000 කට අධික පිරිසක් එරටේ වෙසෙන බවත් එරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ඩේගු  නගරයෙහි වෙසෙන 915 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කෙරෙහි සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය විශේෂ අවධානයක් යොමු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කීය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435