දකුණු කොරියාව ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි

දකුණු කොරියාවේ හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් එරට ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

ලැව් ගිනි තත්වය හේතුවෙන් නිවාස 400ක් පමණ විනාශයට පත්ව ඇති අතර පුද්ගලයින් 4200ක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 900ක් සහ ගිනි නිවන බටයින් 1000ක් අනුයුක්ත කර ඇත.

පවතින අධික සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

උතුරු කොරියානු දේශ සීමාව ආසන්නයේ හටගන ඇති ලැව් ගිනි තත්ත්වය සම්බන්ධයෙන් එරට දැනුවත් කිරීමට දකුණු කොරියානු බළධාරීන් පියවර ගෙන් ඇත.

ඒ අනුව දෙරටේම සහයෝගයෙන් ලැව් ගිනි තත්ත්වය මැඩපැවැත්වීමට කටයුතු කෙරෙන බවයි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත.

(උපුටා ගැනීමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435