දකුණේ ගුරු විරෝධයක්

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් 06 වන දින සිට ආරම්භ කිරීමට නියමිතව ඇති තෙවන  පාසල් වාර විභාග කාලසටහන් පිළිබඳව ලංකා ගුරුසේවා සංගමය විරෝධය පළ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ප්‍රධාන ලේකම්, මහින්ද ජයසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ,10 වන ශ්‍රේණිය සඳහා නොවැම්බර් 06, 07 දිනයන්හිදී පෙ.ව. 7.45ට ආරම්භ කර ප.ව. 5.15න් අවසන් කිරීමටත්, 11 ශ්‍රේණිය සඳහා නොවැම්බර් 13 වන දින පෙ.ව. 7.45ට ආරම්භ කර ප.ව. 5.15 දක්වාත් වන විභාග කාල සටහනක් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සියලූම විදුහල්පතිවරුන් වෙත යවා ඇති බවයි.

විභාග පිළිබඳව ප්‍රායෝගික හෝ න්‍යායාත්මක කිසිදු දැනුමක් හෝ අවබෝධයක් නොමැති නිලධාරීන් විසින් සකස් කළ මෙම විභාග කාලසටහනට විරෝධය පළකරන ලංකා ගුරුසේවා සංගමය සිසු දරුවන් මෙන්ම ගුරුවරුන්ද පීඩාවට පත්නොවන පරිදි මෙම කලසටහනේ අදාළ දිනයන් සංශෝධනය කරන ලෙස ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටියි.

තවද මෙම දිනයන්ට අදාළව ගත්විට සිංහල, ගණිතය, ආගම, ඉංග්‍රීසි වැනි හර විෂයයන්ට අයත් විභාග ප්‍රශ්න පත්‍ර ලබාදීමට නියම කිරීමෙන් ද සිසු දරුවන් පත්වන අපහසුතාවය ඛෙහෙවින් කණගාටුදායක තත්ත්වයත් බව ද ඔවුන් පෙන්වා දෙයි.

නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නියමිත වාර විභාගයට යම් බාධාවක් වේ නම් ඒ සඳහා සිසු දරුවන් පීඩාවට පත්නොකර ප්‍රමණවත් කාලයක් ගෙන කාලසටහන සැලසුම් කළයුතුව තිබු බව ඔවුන් පෙන්වා දෙයි.

තවද ප.ව. 5.15 දක්වා පැය 10කට ආසන්න කාලයක් විභාගයක් පැවැත්වීම සිසු දරුවන් මෙන්ම ගුරුවරුන්ද පීඩාවට පත්කරවන්නක් වන අතර විශේෂයෙන් දකුණු පළාතේ දුෂ්කර ප්‍රදේශවල පවතින ප්‍රවාහන ගැටළු හේතුවෙන් සිසු දරුවන්ට අනපේක්ෂිත ගැටළු වලට මුහුණදීමට සිදුවිය හැකි බවද අවධාරණය කර බව එම සංගමය  පෙන්වාදෙයි.

එහෙයින් අදාළ  දිනයන් සිසුන් පීඩාවට පත්නොවන යහපත් මානසිකත්වයෙන් වාර විභාගයට පෙනී සිටීමට හැකිවන පරිදි කාලසටහන සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරුසේවා සංගමය රජයට බල කර සිටයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435