දන්ත සෞඛ්‍ය අංශයේ පුහුණු සේවකයින්ට ඕමානයේ රැකියා අවස්ථා

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බෝනොවන රෝග සහ මානසික සෞඛ්‍ය පිළිබදව සැසිවාරයක් 2019. 12. 09  දින සිට 12 දින දක්වා ඕමානයේ මස්කට් නගරයේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සැසිවාරය සදහා සහභාගි වූ  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ඕමාන් රජයේ සෞඛ්‍ය ලේකම්වරයා Dr. Mohammed Saif Al Hosni සමග සාකච්ඡාවක් (10 දින) පැවැත්විය.

එහිදී අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ පුහුණූ ශ්‍රමිකයන් සදහා රැකියා අවස්ථාවන් ලබාදෙන ලෙස ඕමාන්  රජයේ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් සිදු කරන ලදි.

එයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ දන්ත සෞඛ්‍ය අංශයේ පුහුණූ සේවකයින් සදහා වැඩි වැටුප් සහිත රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරන බවයි.

මෙමඅවස්ඕථාවට මානයේ  ශ්‍රී ලංකා තානාපති Mr. Omar Lebbe Ameerajwad  මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත Dr Razia Pendse මහත්මිය ද එක්ව සිටියහ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435