දරුමල්ලන්ටත් වීසා

ළඟදීම සංක්‍රමණික පවුල් වල අනෙකුත් සාමාජිකයන් එනම් ස්වාමි පුරුෂයා/බිරිඳ, දරුවන් ගෙන්වා ගැනීම සඳහා නවීන තාක්ෂණය ඔස්සේ වීසා නිකුත් කිරීමට (online  visa) බලාපොරොත්තු වන බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙන්ම නියෝජ්‍ය අගමැති ඔටුන්න හිමි කුමරු මුහම්මද් බින් නයිෆ් විසින් මෙම නව සේවාව ආරම්භ කිරීමේ උළෙලේදී මේ බව සඳහන් කළේය.

මේ සඳහා පළමුව අමාත්‍යාංශය මගින් හඳුන්වා දෙන අබ්ශිර් සේවාවේ ලියාපදිංචි විය යුතු බව එහි ප්‍රකාශකයෙක් පැවසිය.

මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මගින් නව පරිශීලකයාට ලාංජනයක් ලබා දෙයි. එමෙන්ම ඉකාමා අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය, භාෂාව, ජංගම දුරකථන අංකය වැනි පෞද්ගලික දත්ත ලබා ගන්න අතර නියමයන් සහ කොන්දේසි වලට එකඟ කිරීමක් සිදු වේ.

ඉන්පසු පරිශීලකයා නව වෙබ් පිටුවට ගොස් අයදුම්පත තහවුරු කර අනන්‍යතාවය (user ID) සහ මුරපදය (password) තහවුරු කල යුතුය.

ගිණුම ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ ස්ථානයන්හි ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කර තිබේ. තවද අමාත්‍යංශ කාර්යාලයේදීද ගිණුමක් විවෘත කිරීමේ හැකියාවක් පවතී.

ප්‍රකාශකයෙක් අවධාරණයෙන් කියා සිටියේ සංක්‍රමණිකයන්ට තම පවුලේ අය ගෙන්වා ගැනීම සඳහා වීසා පමණක් නිකුත් කරන බවයි.

මෙම පහසුකම පසුගිය ඉරිදා සිට ලබා ගත හැකි අතර ඒ සඳහා අමාත්‍යංශ වෙබ් අඩවියට පිවිස අදාළ උපදෙස් අනුගමනය කල යුතුය.

මුලාශ්‍රය: අරාබි නිවුස්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435