දහතුන සටනට ජය!

හතරට දෙදාස් පෙර සේවේ ලිපිකරු                   ලූ

ඒකට තිබුණේ ඉහළින් පිළි ගැනුමක්                  ලූ

හැම දෙනගේම ගෞරව අඩුවක් නෑ                    ලූ

එනිසා සැවොම මේ සේවෙට ආවා                      ලූ

 

දෙදහස් හතරේ සේවා හය අමුනා                        ලූ

කළමනාකරණ සහකරු ලෙස දුන්නා                 ලූ

නිලධරි පැලැන්තියේ ඇම අප ගිල්ලා                  ලූ

සේවෙට තිබුණ තැන එතැනින් නැතිවේ              ලූ

 

සේවෙට මෙතෙක් කල් පැන නැග ඇති ගැට        ලූ

සලකා බලන විට එය දහතුනක්                           ලූ

පරිපාලන සමඟ සාකච්ඡුා පහක්                           ලූ

නිළදරු පැලැන්තිය එය යට ගහනව                     ලූ

 

ඇමති තුමා හැමවිට අපෙ පැත්තේ                       ලූ

සැමටම පෙනෙන්නේ ඒ විදිහට                           ලූ

එනිසා අප සැවොම ඇමතිට බුහුමන්                    ලූ

වෙලා තිබෙන්නේ ඇමැතිව අන්දල                      ලූ

 

එනිසයි නොවිසදුනෙ අපෙ සේවේ ගැට               ලූ

හැමදා රවට්ටපු එකමයි කෙරුවේ යා                  ලූ

සේවේ සමිති දහයක් අරගෙන යා                        ලූ

දහතුන පෙරට ගෙන සටනට ආවා                       ලූ

 

යහපත් ආකල්ප පෙර දැරි කර යා                       ලූ

සමිති දහය එක හුස්මට වැඩ යා                           ලූ

මුළු රට පුරා දැනුවත් කරමින් යා                         ලූ

දහතුන සටන ජය ගන්නට බැලූවා                       ලූ

 

සේවේ සියලූ දෙන තිස් එක ලෑස්ති                     ලූ

හදිසියෙ ආණ්ඩුව පෙරලූවෙ ජනපති                   ලූ

සියලූ දෙනා තුෂ්නින් බූතව යා                            ලූ

සටන පමා කෙරුමට හැම සිතුවා                        ලූ

 

පන්නරයක් ලැබුව අපෙ සේවේ යා                     ලූ

එකෙන් සැලූනේ නැහැ අපි කවදාවත් සිය           ලූ

නැවතවරක් කතිකාකර ගෙන යා                        ලූ

සටන පටන් ගමු හනිකට මතු යා                         ලූ

පන්හිඳ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435