දැඩි රශ්මියෙන් කටාර්හි කම්කරුවන් වහාම ආරක්ෂා කළ යුතුයි

කටාර්හි කම්කරුවන් දැඩි රශ්මිය හා ආර්ද්‍රතාවයේ බලපෑමෙන් තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා වැඩි දියුණු කළ ආරක්ෂණ ක්‍රමවේදයක් හා වැඩකරන කාලය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

කටාර් 2022 ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය සැපයීමට සූදානම් වන විට සිය ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණික කම්කරුවන් මුහුණ දෙන කොන්දේසි පිළිබඳව මෙහිදී දැඩි අවධානයට ලක්ව තිබේ.

මෑතදී දෝහාහි පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී කටාර්හි උණුසුම හා ආර්ද්‍රතාවයේ අවදානම යළිත් අවධානයට ලක්වූ අතර  මධ්‍යම රාත්‍රියේ තරගය පැවැත්වුවද, පනවන ලද කොන්දේසි හේතුවෙන් කාන්තා මැරතන් කඩාවැටීමට ලක්වූ බව වාර්තා විය.

උෂ්ණත්වය සියයට 73 ක් පමණ ඉහළ ගොස් ඇති අතර පසුගිය මාසයේ පැවති තරඟයේ වැඩි කාලයක් සඳහා උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ක් (ෆැරන්හයිට් අංශක 91) ක් බැව් සඳහන් විය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල්ඕ) සහ කටාර්හි කම්කරු අමාත්‍යංශය විසින් පත් කරන ලද මෙම අධ්‍යයනය තුළින් එක් ලෝක කුසලාන ක්‍රීඩාංගණ ව්‍යාපෘතියක කම්කරුවන් 4,000 කට උෂ්ණත්වයේ  බලපෑම අවම කිරීම සඳහා ගෙන ඇති පියවර අගය කරනු ලැබ තිබේ.

එහි නිගමනය වූයේ පාපන්දු ප්‍රදර්ශනාගාරය බාරදීමට වගකිව යුතු ආයතනය විසින් ගනු ලබන උෂ්ණත්වය අවම කිරීමේ පියවර “මධ්‍යස්ථව ඉහළ පිළිගැනීමක්” ඇති නමුත් කටාර්හි අනෙකුත් සේවා යෝජකයන්ට ආරක්ෂාව වැඩි දියුණු කළ හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ කටාර් ව්‍යාපෘති කාර්යාලයේ ප්‍රධානී හූටාන් හෝමයූන්පූර් පැවසුවේ අධ්‍යයනයේ නිර්දේශ “වැඩිදියුණු කළ නීති සම්පාදනය” බවට පත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය රජය සමඟ කටයුතු කරන බවයි.

“ගිම්හානයේදී වැඩකරන වේලාවන් සඳහා පනවා ඇති තහනම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට අපට විද්‍යාත්මක පදනමක් ඇති අතර, තාප ආතතිය අවම කිරීමේ සැලසුම් මගින් අයිතිය හඳුනාගෙන සේවකයින්ගේ ස්වයං වේගයට ඇති හැකියාව වැඩි කළ යුතු බව පැහැදිලිය” යනුවෙන් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

“තාප ප්‍රතික්‍රියා අවම කිරීම, සජලනය, වැඩ-විවේක අනුපාත සහ ඇඳුම් පැළඳුම් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා විවිධ උපාය මාර්ග පර්යේෂණයන් විසින් මෙහිදී විමර්ශනයට ලක් කර තිබේ.

ලෝක කුසලානය සංවිධානය කිරීම සඳහා බාරදීමේ සහ උරුමය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ කමිටුව විසින් මෙහෙයවනු ලබන ක්‍රීඩාංගණ ව්‍යාපෘතියේ කම්කරුවන් නිරන්තරයෙන් විවේක ගැනීම මෙන්ම ඔවුන්ට සෙවණ  සහ ජලය ලබා ගැනීම සඳහා කොන්දේසි අවම කළ යුතු බැව් අධ්‍යයනයෙන් නිර්දේශ කර තිබේ.

කටාර්හි සමාගම් විසින් තාප ආතතිය අවම කිරීමේ සැලසුම් සහ වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂාවන් හඳුන්වා දීම, ගිම්හාන වැඩ කරන වේලාවන් සඳහා වෙනස්කම් සිදු කිරීම සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳ වගකීම භාර ගැනීමට සේවකයින් බල ගැන්වීමද පර්යේෂකයින් විසින් නිර්දේශ කර ඇත.

ලෝක කුසලාන සංවිධායකයින්ගේ අධීක්ෂණය යටතේ නොමැති යෝජනා ක්‍රමවලට වඩා සාමාන්‍යයෙන් තම සේවකයන්ට වඩා හොඳ ආරක්ෂාවක් සහ අයිතිවාසිකම් ලබා දීම සඳහා ශ්‍රේෂ්ධිකරණය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති මානව හිමිකම් කණ්ඩායම් විසින් පිළිගනු ලැබේ.

මෙම පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් පසුව  හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටියේ, හෘද රෝගීන් ලෙස මෙන්ම හදිසි හෘදයාබාධ හේතුවෙන් මරණයට පත්වූ කම්කරුවන් ගැන පුළුල් හා කඩිනමින් විමර්ශනය කරන ලෙස” ය.

“කටාර්හි බොහෝ විට තරුණ හා සෞඛ්‍ය සම්පන්න සංක්‍රමණික කම්කරුවන්ගේ හදිසි හා අනපේක්ෂිත මරණ, කටාර් බලධාරීන් විසින් විමර්ශනය කර නොමැති අතර, කම්කරුවන්ගේ ජීවිත නොසලකා හැර ඇති බව පෙනෙන්නට තිබේ” යැයි හියුමන් වොච් හි  මැද පෙරදිග අධ්‍යක්ෂිකා සාරා ලී විට්සන් පවසයි.

කම්කරුවන් දැඩි රශ්මියෙන් ආරක්ෂා කරන ජීවිතාරක්ෂක ප්‍රතිසංස්කරණ සඳහා හදිසි හා නැවත නැවත කරන ඉල්ලීම් නොසලකා හරින තාක් කල්, සංක්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටාරයට හිමිකම් කිව නොහැකි බව හෙතෙම අවධාරණයට ලක් කර තිබේ.

හෘද රෝග විද්‍යා සඟරාව විසින් ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් “2009 සිට 2017 දක්වා කාලය තුළ නේපාල කම්කරුවන් 1,300 කට වැඩි පිරිසක් මිය යාම සහ තාප නිරාවරණය අතර සම්බන්ධතාවය” පිළිබඳව සොයා බැලූ බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් කියා සිටියි.

(අල් ජසීරා අනුග්‍රහයෙන්)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435