දිවි නසාගන්න ගිය ගෘහසේවිකාව වීඩියෝකල නිවැසියන්ට ලැබුණු දඬුවම මෙන්න! [Video]

කුවේටයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගිය විදේශික කාන්තාවක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර ගැනීමට ගිය අවස්ථාවේ සිනාසෙමින් එය වීඩියූඑගතකල නිවසේ අයිතිකාර කාන්තාවට කුවෑට් අභියාචනාධිකරණයෙන් දඬුවම් හිමිවී තිබේ.

අධිකරණ නියෝගයට අබුව එම කාන්තාවට එරෙහිව අවුරුද්දක් සහ මාස අටක සිර දඬුවමක් නියමිවී ඇත.

අදාල සිදුවීම පසුගිය මාර්තු මාසයේ සිදුවී තිබෙන අතර නිවසේ හාම්පුතා විසින් එය වීඩියෝකර සමාජ මාධ්‍ය ජාල හරහාද ප්‍රසිද්ධ කර තිබුණි.

සියදිවි නසා ගැනීමට තැත්කළත් එක් අතකින් ජනේලයක එල්ලෙමින් තමාව බේරා ගන්නා ලෙස කෑ ගසන නමුත් ඇයව බේරා ගැනීමට නිවැසියන් කටයුතුකර නොමැත.

කෙසේ වෙතත් අවසානයේ ගෘහ සේවිකාව වහලයක් මතට වැටී තිබෙන අතර ඉන් ඇයට බරපතල තුවාල සිදුවී ඇති බවත් වාර්තා වේ.

ගෘහ සේවිකාව බේරාගැනීමට කටයුතු නොකර වීඩියෝ කිරීම හේතුවෙන් අදාල දඩුවම අභියාචනාධිකරණය නියම කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435