දීපව්‍යාප්ත උපාධිධාරීන් සැමට ඉදිරි මාස 06 ඇතුළත රැකියා

දීපව්‍යාප්ත සියළුම උපාධිධාරීන්ට ඉදිරි මාස 06 ඇතුළත රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් සකසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකොට තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ උපාධිධාරින් සඳහා ගුරු පත්විම ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති තුමා මේ බව ප්‍රකාශකර තිබෙන අතර නව අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම් තුළින් අධ්‍යාපන ක්‍රමයේ යම් යම් වෙනස්කිරිම් සිදු කිරිම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බවත් එහිදී වැඩිදුරටත් අවධාරණය කරඇත.

පසුගිය මැතිවරණය නිසා කල් දැමූ සම්මුඛ පරික්ෂණ ඉදිරි මාස දෙක තුළදී පැවැත්වීමට කටයුතු කරන බවත් ඔවුන් කඩිනමින් රාජ්‍ය සේවයට අනියුක්ත කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම මෙරටට පවතින අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු හේතුවෙන් රටට සම්පතක් වන උපාධිධාරින් ද විරෝධතා පැවැත්විමට පෙලඹි ඇති බවත් එහිදී සිහිපත්කර දී ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435