දීප ව්‍යාප්ත රජයේ පාසල්වලට අලුතින් 3850ක් බඳවා ගැනිමට යයි

ක්‍රිඩා පුහුණු සඳහා පුහුණුකරුවන්  3850ක් රජයේ පාසල් වෙත බඳවා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශකර තිබේ.

අද (07)  පෙරවරු 09.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී මෙලෙස අනුමැතිය හිමිවූ බවයි ඒ මහතා ප්‍රකාශකර සිටියේ.

සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පවත්වනු ලබන්නේ අසෙම සතියකම අඟහරුවාදා වුවද ජනාධිපතිවරයාගේ විශේෂ වැඩසටහන් කිහිපයක් එදිනට යෙදී තිබූ බැවින් අද දිනයේ කැබිනට් රැස්වීම පැවත්වීමට තීරණය කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435