දුක් ගැහැට විඳි කුවෙට් ගිය 46 ක් යළි මව්බිමට

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සේවය කරමින් සිටියදී යම් යම් හිරිහැර පීඩාවන්ට ලක්වූ ගෘහ සේවිකාවන් ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද (14) මව්බිමට ළඟා වී තිබේ.

අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි බව අප වාර්තාකරු පවසයි.

මොවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් වූ අතර , ඉතිරි පිරිස ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අය වෙති.

ඔවුන් සේවය සඳහා ගොස් සිටි නිවෙස් හිමියන්ගෙන් සිදු වන හිරිහැර හා පීඩාවන් තවදුරටත් දරාගත නොහැකිව එම නිවෙස්වලින් පැන යමින් සිටියදී , එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබුණු බව වාර්තා වේ.

ඒ අනුව මෙම පිරිසෙන් 13 දෙනෙකු කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වන අතර , ඉතිරි 33 දෙනා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි අය වෙති.

ඔවුන් අද දින උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින්ම ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර මඟින් සහ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ , ගුවන් තොටුපළ කාර්යාලයේ තම ගැහැට පිළිබඳව පැමිණිළි කිරීමෙන් අනතුරුව ස්වකීය නිවෙස් බලා පිටත්ව ගියහ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435