දුම්රියත් නවතින ලකුණු!

වැටුප් විෂමතාවන් ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය රියදුරන් විසින් තීරණය කර තිබේ.

අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලාල් ආරියරත්න මහතා මේ බව සඳහන් කළේය.

අද දිනයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් එළඹෙන අඟහරුවාදා දිනයේ දී අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්ව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435