දුම්රිය මගීන්ට වැදගත් නිවේදනයක්

තාවකාලිකව නතර කර තිබු දුම්රියන් දෙකක් නැවත ධාවනය සඳහා යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා පෙරවරු 6.45ට ධාවනය වු අංක 1001 දරන දුම්රිය ඔක්තෝබර් 8 වනදා සිට එම වේලාවටම දිනපතා ධාවනය වන බවයි.

එමෙන්ම බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 8ට ‍ධාවනය වු අංක 1002 දරන දුම්රිය ඔක්තෝම්බර් 9 වනදා සිට එම වේලාවටම දිනපතා ධාවනය වන බව ද නිවේදනයේ සඳහන්.

එලෙස ධාවනයට සූදානම් වෙන දුම්රියන්හි ආසන වෙන්කරවා ගැනීමේ පහසුකමද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සලසා තිබෙන බව දුම්රිය මුලස්ථානයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි (වාණිජ) වී. එස්. පොල්වත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435